Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියාව - ද. අප්‍රිකාව අද සටනේ

ඕස්ට්‍රේලියාව - ද. අප්‍රිකාව අද සටනේ

editorial - 2021 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද සාජා සිට...)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය ආරම්භ කරමින් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අද (23 වැනිදා) අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංග‍ණයේදී තරග බිමට පිවිසෙයි. පළමු කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.

 පෙරහුරු තරගවලදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ලකුණු 41 ක ජයක්ද, පාකිස්තානයට එරෙහිව කඩුලු 6 ක ජයක්ද ලැබූ දකුණු අප්‍රිකානුවෝ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව අද තරගයට පිවිසෙනු ඇත. පෙරහුරු තරගවලදී කඩුලු 3 කින් නවසීලන්තය පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ ඉන් අනතුරුව ඉන්දියාව හමුවේ කඩුලු 8 කින් පරාජයට පත්විය. එබැවින් යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමේ අරමුණින් යුතුව ඔවුන් අද තරගයට ක්‍රීඩා කරනු ඇත.

පළමු කණ්ඩය සහ දෙවැනි කාණ්ඩය ලෙස කණ්ඩායම් 6 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ සුපිරි 12 දෙනාගේ වටයේදී තරග 30 ක් පැවැත්වේ. එම තරග 30 අවසානයේ කාණ්ඩ දෙකේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.  

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් පිල, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි 12 දෙනාගේ වටයේදී ‘ඒ’ කාණ්ඩය යට‍තේ තරග වදිනු ඇත. ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, ඇෆ්ඝනිස්තානය, ස්කොට්ලන්තය සමගින් අයර්ලන්තය හෝ නැමීබියාව එහිදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

සුපිරි 12 දෙනාගේ වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභගි වන පළමු තරගය හෙට (24 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මූලික වටයේදී නැමීබියාවට එරෙහිව කඩුලු 7 කින්ද, අයර්ලන්තය ලකුණු 70 කින්ද පරාජය කළ ශ්‍රී ලංකාව ‍සුපිරි 12 දෙනාගේ වටයට පිවිසියේය.

බංග්ලාදේශයට සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී ස්කොට්ලන්තය හමුවේ කඩුලු 6 කින් පරාජය වීමෙන් පසුව ඕමානයට එරෙහිව ලකුණු 26 කද, පැපුවා නිව්ගිණියාවට එරෙහිව ලකුණු 84 කද ජයග්‍රහණ වාර්තා කරමිනි. ‘ඒ’ කාණ්ඩය යට‍‍තේ තරග වදින සෙසු කණ්ඩායම් 4 ම ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියෙන් පසුවන කණ්ඩායම් වීම නිසා ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයටද හෙට තරගය ඉතා තීරණාත්මක වනු ඇත.

 


අදහස් (1)

ඕස්ට්‍රේලියාව - ද. අප්‍රිකාව අද සටනේ
  • gagana Saturday, 23 October 2021 01:52 PM

    ICC හොඳට ඉන්දියාවට කඩේ ගිහින් කියන එක පෙනෙනවා ඉන්දියාව සමග සම්බන්ධ කරලා තියෙන අනෙකුත් කණ්ඩායම් දිහා බලනකොට... ඉන්දියාව දැනටමත් අවසන් පූර්ව තරගවල.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.