Last Update  :  2025-10-27 19:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානුවෝ එක්දින තරගාවලිය දිනති
ඇඩිලේඩ් එක්දින තරගය

ඕස්ට්‍රේලියානුවෝ එක්දින තරගාවලිය දිනති

editorial - 2025 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ඉන්දියානුවන්ගේ දුර්වල පන්ද රැකීමට දඬුවම් දුන් මැතින් ෂෝට් (74) සහ කූපර් කොනලි (61) එක්ව ඇඩිලේඩ් නුවරදී අද (23 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ඕස්ට්‍රේලියානු පිල කඩුලු 2 ක ජයක් කරා කැඳවගෙන ගියහ.

ලක-ුණු 265 ක ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානුවෝ ඕවර 3.4 ක් ඉතිරිව තිබියදී තරගය ජයගනිමින්, තරග 3 කින් සමන්විත තරගාවලියේදී 2-0 ක ජයක් තහවුරු කරගත්හ. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ අඩක් අහවර වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 ට 132 ක් ලෙසිනි. එතැන් සිට එක්වූ මැතිව් ෂෝට් සහ කූපර් කොනලි ලකුණු සංඛ්‍යාව 187 දක්වා ඉහළ දැමූහ. 

මැතිව් ෂෝට්, මිචෙල් ඔවෙන් සහ කූපර් කොනලිගේ දස්කම් 2027 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කරමින්  සිටින ඕස්ට්‍රේලියානුවන්ට සෑහෙන අස්වැසිල්ලක් විය. කූපර් කොනලිගේ අපරාජිත ලකුණු 61 පැමිණියේ පන්දු 53 කි. වඩාත් වැදගත් වූයේ කූපර් කොනලි තරගය අවසන් වන තුරුම පිටියේ සිටීමයි. කොනලිගේ විශේෂත්වය වන්නේ පීඩනය වැඩි, අසීරු අවස්ථාවලදී කැපී පෙනෙන දස්කම් දැක්වීමයි. 

ශුබ්මන් ගිල් (9) සහ විරාට් කෝලි (0) දෙදෙනාම ලකුණු 17 කට දැවී ගිය නමුත් රෝහිත් සහ ශ්‍රෙයාස් අයියර් තුන්වන කඩුල්ලට ලකුණු 118 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. පිතිකරු ලයිස්තුවේ අග්ගිස්සෙන් පැමිණි හර්ෂිත් රානා සහ අර්ෂ්දීප් සිංගේ ප්‍රහාරය නිසාම ඉන්දියාව ඕවර 50 ක් නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 264 ක් ලබාගත්තේය. 

විරාට් කෝලි ඔහුගේ එක්දින දිවියේදී පිට පිටම ලකුණු නොලබා දැවී ගියේ පළමු වතාවටය. එහෙත් පන්දු 97 කින් ලකුණු 73 ක් ලබා ගත් රෝහිත් ෂර්මා, හිටපු නායක සෞරව් ගංගුලි අභිබවා යමින් ඉන්දියාවේ එක්දින ලකුණු ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්වූයේ පැරණි ක්‍රීඩකයන් පිළිබඳ ඉන්දියානුවන් සතු ගෞරවය තවදුරටත් ඉතිරි කරමිනි.

ඕස්ට්‍රේලියානුවන්ගේ වේග පන්දු යවන්නන් තිදෙනා තණතීරුවෙන් හොඳ දෝලනයක් ලබාගත් අතර සේවියර් බාර්ට්ලට් (39/3) තමන් නේතන් එලිස්ට වඩා හොඳ තේරීමක් බව ඔප්පු කර පෙන්වූයේ හත්වැනි ඕවරයේදී නායක ශුබ්මන් ගිල් සහ කෝලි දෙදෙනාම පිටියෙන් ඉවත් කරමිනි. බාර්ට්ලට් සහ පා දඟ පන්දු යවන්නෙකු වන ඇඩම් සැම්පා (60/4) කඩුලු හතක් බෙදාගත් නමුත් කඩුල්ලක් ලබා නොගත්තද හේසල්වුඩ් කැපී පෙනුනේ ඔහුගේ ඕවර 10 ලකුණු 29 කට සීමා වූ බැවිනි. එහෙත් මිචෙල් ස්ටාක්ට නම් අද කාර්යාලයේ ගෙවා දැමූ නපුරු  දවසක් විය. ස්ටාක්ගේ ඕවර 10 න් ඉන්දියානුවෝ ලකුණු 62 ක් උදුරා ගත්හ. 

2027 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව සිය කණ්ඩායම ගොඩනැඟීම ආරම්භ කර තිබියදී රෝහිත්ගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. රෝහිත්ට විශාල පීඩනයක් එල්ල වී තිබේ. 

පර්ත්හිදී ලකුණු 8 ක් ලබා දැවී ගිය රෝහිත් අද තරගයේදීත් තුන්වැනි ඕවරයේදී දුවද්දී දැවීයාමට ආසන්න වූ නමුත් ඔහු යන්තමින් ගැලවිණ. හේසල්වුඩ්ගේ නොසැලෙන නිරවද්‍යතාවයට එරෙහිව රෝහිත්ට එතරම් දෙයක් කළ නොහැකි විය. හේසල්වුඩ් ඉතාමත් හොඳින් පන්දුව දෝලනය කළ අතරම ‘ෆුල් ලෙන්ත්’ පන්දු යවමින් රෝහිත්ට මහත් හිසරදයක් විය. එක් අවස්ථාවක දී හේසල්වුඩ් හමුවේ පන්දු 17 කට මුහුණ දුන් රෝහිත් ෂර්මාට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය. 

ඉනිම ආරම්භයේදී පන්දු 40 කින් ලකුණු 14 ක් ලබා සිටි රෝහිත් ෂර්මා පසුව හතරේ පහර 7 කින් සහ හයේ පහර 2 කින්ද ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට සංග්‍රහ කළේ පිතිකරුවකුගේ විශිෂ්ටත්වය පිළිබඳ සැක සංකා ඉතිරි නොකරමිනි. 

පර්ත්හිදී අසාර්ථක වීම හේතුවෙන් විරාට් කෝලි වෙත සියලු දෙනාගේම ඇස් යොමු වී තිබිණ. 
කෝලි පන්දු හතරකට පමණක් මුහුණ දුන් අතර බාට්ලට්ගේ ඉන්ස්වින්ගර් පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී ගියේය. එහෙත් ඉනිම අවසන් වීමෙන් පසුව පැවැති සම්මුඛ සාකච්ඡාවේදී බාට්ලීට් කියා සිටියේ තමන් කඩුල්ලෙන් ඉවතට දෝලනය වන (අවුට්ස්වින්ගර්) පන්දුවක්’ යැවීමට උත්සාහ කළ බවයි. ඒ ඕස්ට්‍රේලියාවේදී මුහුණ දුන් එක්දින ඉනිම 30 කදීම විරාට් කෝලි කඩුල්ල මුවා කිරීමට හසුව දැවී ගිය පළමු අවස්ථාවයි. 


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 9 ට 264 යි
(රෝහිත් ෂර්මා 73, ශ්‍රෙයාස් අයියර් 61, අක්ෂර් පතෙල් 44, ලෝකේෂ් රාහුල් 11, වොෂිංටන් සුන්දර් 12, හර්ෂිත් රානා නොදැවී 24, අර්ෂ්දීප් සිං 13, මිචෙල් ස්ටාක් 62/2, සේවියර් බාට්ලීට් 39/3, ඇඩම් සම්පා 60/4)

ඕස්ට්‍රේලියාව - ඕවර 46.2 කදී කඩුලු 8 ට 265 යි
(මිචෙල් මාෂ් 11, ට්‍රැවිස් හෙඩ් 28, මැතිව් ෂෝට් 74, මැතිව් රැන්ෂෝ 30, කූපර් කොනලි නොදැවී 61, මිචෙල් ඔවෙන් 36, අර්ශ්දීප් සිං 41/2, හර්ෂිත් රානා 59/2, වොෂිංටන් සුන්දර් 37/2)

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ එක්දින තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.