Last Update  :  2025-10-17 19:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට වාර්තාගත ජයක්
කාන්තා ලෝක කුසලාන - 2025

ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට වාර්තාගත ජයක්

editorial - 2025 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇලිසා හීලිගේ විශිෂ්ට ශතකය නිසා බංග්ලාදේශයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානු කාන්තාවෝ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී තමන්ගේ ස්ථානය තහවුරු කරගත්හ. ඕස්ට්‍රේලියානු කාන්තාවෝ ලෝක කුසලානයේ වත්මන් හිමිකාරියෝ ද වෙති.

ඉන්දියාවේ විශාකාපට්නම් නුවරදී අද (16 වැනිදා) පැවති තරගයේදී ලකුණු 200 ක ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු කාන්තා පිල වෙනුවෙන් ඇලිසා හීලි (නොදැවී 113) සහ ෆෝබි ලිච්ෆීල්ඩ් (නොදැවී 84) ලකුණු 202 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායමට කඩුලු 10 ක ජයක් අත්පත් කර දුන්හ. ඕස්ට්‍රේලියානු කාන්තාවන් තරගය ජයගන්නා විට ඉනිමේ හරි අඩක් සහ තවත් පන්දුවක් ඉතිරිව තිබිණ.

හීලි ලෝක කුසලාන ඉතිහාසයේ තමාගේ සිව්වන ශතකය ලබා ගත් අතර, ලිච්ෆීල්ඩ් ඊළඟ ඕවරයේදී ඇගේ පළමු ලෝක කුසලාන අර්ධ ශතකය වාර්තා කළාය.

හීලි සහ ලිච්ෆීල්ඩ් දෙදෙනාගේ දස්කම් හේතුවෙන් ඕස්ට්‍රේලියානු කාන්තාවෝ ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී නැවතත් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත්වූහ. ඒ අතරම ඔව්හු කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයකදී ඉහළම සාර්ථක හඹා යාමේ වාර්තාවද තමන් සතුකර ගත්හ.

හත් වතාවක් ලෝක ශූරියන් වූ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අලානා කිං (2/18) ප්‍රමුඛ පන්දු යවන්නියෝ බංග්ලාදේශය ලකුණු 198 කට සීමා කළහ. බංග්ලාදේශ කණ්ඩායම වරෙක කඩුලු 4 කට ලකුණු 127 ක් ලබා සිටි නමුත් ලකුණු 71 ක් තුළදී කඩුලු 5 ක් දවාලූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියෝ එතැන් සිට තරගයේ පාලනය සියතට ගත්හ.

තවමත් 28 හැවිරිදි රුබියා හයිදර් ඉක්මනින්ම ලකුණු 44ක් ලබා ගත් නමුත් ටාලියා මැක්ග්‍රාත්ගේ උඩපන්දු රැකීමක් හේතුවෙන් හයිදර් දැවී ගියාය. පන්දු 80 කින් ලකුණු 66 ක් ලබාගත් ශෝභනා මෝස්තරී හතරේ පහර 9 කින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ට සංග්‍රහ කළ නමුත් බංග්ලාදේශයේ පසුපෙළ පිතිහරඹය එහෙම පිටින්ම අසාර්ථක විය.

බංගලාදේශය - ඕවර 50 කදී කඩුලු 9 ට 198 යි
(ශෝභනා මෝස්තරී නොදැවී 66, රුබියා හයිදර් 44; අලනා කිං 2/18, ජෝර්ජියා වේරහැම් 2/22)

ඔස්ට්‍රේලියාව ඕවර 24.5 කදී කිසිවකු නොදැවී 202 යි
(ඇලිසා හීලි නොදැවී 113, ෆීබි ලිච්ෆීල්ඩ් නොදැවී 84)

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.