Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඉන්දියාව පරදවති

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඉන්දියාව පරදවති

editorial - 2021 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව අද (21 වැනිදා) මැකේහිදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඕවර 41 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ රැචල් හේනස් පන්දු 100 කදී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 93 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.

ඇලීසා හීලි (නොදැවී 77) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 128 කදී ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හේනස්, ඉන් නොනැවතී නායිකා මෙග් ලැනින් (නොදැවී 53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 118 කදී ලකුණු 121 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.

පන්දු 77 කට මුහුණදුන් හීලී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු රැස්කළ අතර ඕස්ට්‍රේලියානු ඉනිමේ එකම කඩුල්ල බවට පත්වෙමින් ඇය දැවී ගියේ පූනම් යාදව්ගේ පන්දුවක් හමුවේ පූජා වස්ත්‍රකාර් අතට උඩ පන්දුවක් දෙමිනි. පන්දු 69 කදී වාර්තා වූ ලැනින්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 225 ක් රැස්කළ අතර ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ නායිකා මිතලි රාජ් පන්දු 107 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 63 ක් රැස්කළාය.

එහිදී යස්තිකා භාතියා (35) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 126 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිතාලි සමත් වූවාය. පන්දු 51 කදී වාර්තා වූ භාතියාගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර ඉන්දීය ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රීචා ගෝෂ් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 32 ක් රැස්කළාය.

ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 3 ද සමග ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගැනීමට ඩාර්සි බ්‍රවුන් සමත් වූ අතර ඉන්දීය පිතිකාරිණියන් පීඩනයට පත්කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් හැනා ඩාර්ලින්ටන් ලකුණු 29 කට කඩුලු 2 ක්ද, සොෆී මොලිනියුක්ස් ලකුණු 39 කට කඩුලු 2 ක්ද බිහෙළුහ.


ඉන්දීය කාන්තා කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 225
(ස්මිත්‍රි මන්දනා 16, යස්තිකා භාතියා 35, මිතලි රාජ් 63, පූජා වස්ත්‍රකාර් 17, රීචා ගෝෂ් නොදැවී 32, ජූලාන් ගෝස්වාමි 20, ඩාර්සි බ්‍රවුන් 33/4, හැනා ඩාර්ලින්ටන් 29/2, සොෆී මොලිනියුක්ස් 39/2)

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම - ඕවර 41 කදී කඩුල්ලක් දැවී 227
(රැචල් හේනස් නොදැවි 93, ඇලීසා හීලි 77, මෙග් ලැනින් නොදැවී 53)

-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඉන්දියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.