Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානු කණ්ඩායම එයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම එයි

editorial - 2022 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( කටුනායක ටී.කේ.ජී.කපිල )

ක්‍රීඩකයන්  21 දෙනෙකුගෙන් සමන්විත   ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් තරග සංචාරයක් සදහා අද (01 වැනිදා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගුවන් යානා තුනකින්  පැමිණියේය.

පළමු කණ්ඩායම  අද සවස 05.03 ට සිංගප්පූරුවේ සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානයෙන් පැමිණියේය. තවත් කණ්ඩායමක් අද සවස 05.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 128 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් රැගත් තුන් වන ගුවන් යානය අද රාත්‍රී 10.25 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් පැමිණීමට නියමිත බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීයා ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි ලෙස තර කොට තිබුණි .

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ මාස එකහමාරක තරම් කාළයක් රැදී සිටිමින් ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් තරග 05 ක් සහ විස්සයි - 20 ක්‍රිකට් තරග 03 සඳහා සහභාගී වීමට නියමිතය .

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු කණ්ඩායම එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.