Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානු අගමැතිගේ පිලට ජය

ඕස්ට්‍රේලියානු අගමැතිගේ පිලට ජය

editorial - 2019 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කැන්බරාහිදී අද (24 වැනිදා) පැවැති විස්සයි20 පුහුණු තරගයේදී කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම අවසන් ඕවරයේ පස්වැනි පන්දුවේදී සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

එක් අන්තයක පිතිකරුවන් එකිනෙකා දැවීයන විට සිය කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් අවසන් ඕවරය දක්වාම හුදකලා සටනක නිරතවූ හැරී නිල්සන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 79 ක් රැස්කළ හැරී නිල්සන් 9 වැනි කඩුල්ල ලෙස කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ භානුක රාජපක්ෂ අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

අවසන් ඕවර 5 තුලදී කඩුලු 4 ක් අතැතිව සිටි අගමැතිවරයාගේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 37 ක් ලබාගැනීමට අවශ්‍ය වුවද එය පහසුවෙන් ලබාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ හැරී නිල්සන්ට අමතරව ලකුණු 10 සීමාව පසුකිරීමට අවස්ථාව හිමිවූයේ ඩැනියෙල් ක්‍රිස්ටියන්ට (13) පමණි.

කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් ලකුණු 21 කට කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වූහ. නුවන් ප්‍රදීප්ට සහ ළහිරු කුමාරට කඩුල්ල බැගින් හිමිවු අතර එක් දුවද්දී දැවීයාමක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි.

ආරම්භක පිතිකරුවන්වූ කුසල් මෙන්ඩිස් (7) සහ ධනුෂ්ක ගුණතිලකට (7) ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ අතර භානුක රාජපක්ෂ ලකුණු 24 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 38 ක් සහ වනිඳු හසරංග ලකුණු 26 බැගින් රැස්කිරීමට සමත්වූහ. පන්දු 17 කට මුහුණදුන් භානුක රාජපක්ෂගේ ඉනිමට හයේ පහර සහ හතරේ පහර 2 බැගින් ඇතුළත්වූ අතර පන්දු 25 කට මුහුණදුන් ඕෂධ ප්‍රනාන්දුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. වනිඳු හසරංගගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් වූ අතර ලකුණු 26 ලබාගැනීමට සඳහා ඔහුට පන්දු 29 ක් වැයවිය.

කුසල් මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂ අතර දෙවැනි කඩුල්ල සඳහා පන්දු 23 කදී ලකුණු 37 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 27 කදී ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඕෂධ ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල සමත්වූහ.

පළමු ඕවර 10 තුලදී කඩුලු 3 කට ලකුණු 78 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවසන් ඕවර 10 තුලදී කඩුලු 5 ක් අහිමිකර ගනිමින් රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 53 ක් පමණි.


ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 131
(භානුක රාජපක්ෂ 24, ඕෂධ ප්‍රනාන්දු 38, වනිඳු හසරංග 26, ජාලී බ්ලූම්ෆීල්ඞ් 17/2, ඩැනියෙල් ක්‍රිස්ටියන් 16/2)

අගමැතිවරයාගේ කණ්ඩායම - ඕවර 19.5 කදී කඩුලු 9 ක් දැවී 132
(හැරී නීල්සන් 79, කසුන් රාජිත 21/3, ලකෂාන් සඳකැන් 21/3)

...


අදහස් (2)

ඕස්ට්‍රේලියානු අගමැතිගේ පිලට ජය
  • de silva Thursday, 24 October 2019 07:37 PM

    පාකිස්තානෙදි ක්‍රීඩා කළ විස්සයි විස්ස කණ්ඩායම වෙනස් නොකර ඉදිරිපත් කළානම් තරගේ දිනන්න තිබුණා. කුසල් මෙන්ඩිස් හොද පිතිකරුවෙක්. නමුත් ඔහුට විස්සයි විස්ස ක්‍රීඩා කරන්න බැහැ.

    Reply 0       0

    රොෂාන් Friday, 25 October 2019 10:07 AM

    ඒක තේරීම් කමිටුවට නොතේරෙන එකනේ පුදුමේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.