Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රැවිස් හෙඩ්ගේ (114) ශතකයත්, ටිම් පේන්ගේ (79) අර්ධ ශතකයත් හමුවේ නවසීලන්තයට එරෙහිව මෙල්බර්න්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සියලුදෙනා දැවී ලකුණු 467 ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියාව සමත්විය.
අද සවස තරගය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත පිල ලකුණු 44 කට කඩුලු 2 ක් අහිමිකර ගෙන සිටියේය. ඒ අනුව ඔවුන් ඕස්ට්‍රේලියාවට වඩා තවත් ලකුණු 423 ක් පසුපසින් සිටී.
ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා වේග පන්දු යවන්නන් සිව් දෙනකු කණ්ඩාමට එක්කළ නවසීලන්ත නායකයා බවුන්සර් පන්දු වරුසාවකින් ස්ටීවන් ස්මිත් - ට්‍රැවිස් හෙඞ් ඇතුළු ඕස්ට්‍රේලියානුවන්ට සංග්‍රහ කළහ. එහෙත් නවසීලන්තයට ලැබුණේත් එවැනිම ප්‍රතිචාරයකි. නවසීලන්ත පිතිකරුවන් සංත්‍රාසයට පත්කිරිමට මිචෙල් ස්ටාක්, පැට්‍රික් කමින්ස් සහ ජේම්ස් පැටින්සන් තිදෙනා ප්‍රමාණවත් වූහ.
නවසීලන්ත පිලේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා වන හිටපු නායක රොස් ටේලර් එක ලකුණක් ලබා සිටියදී ජේම්ස් පැටින්සන්ගේ පන්දුවක් කඩුල්ලට යා නොදී පා ආවරණයෙන් මුවා කළේ යයි තීරණය කළ විනිසුරුවරයා ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙසින් නම් කළේය. ඒ වන විට පුවරුවට එක්ව තිබුණේ ලකුණු 40 ක් පමණක් වූ නමුත් එය වහාම විනිසුරු තීරණ විමසීමට යොමුකළ ටේලර් සිය කඩුල්ල ආරක්‍ෂා කරගත්තේය.
ආරම්භක පිතිකරු ටොම් බ්ලන්ඩල් සහ නායක කේන් විලියම්සන් පිටියෙන් ඉවත් කරමින් නවසීලන්තයට තර්ජනයක් ඇති කිරීමට පැට් කමින්ස් සහ ජේම්ස් පැටින්සන් සමත්වූහ.
සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය ලබාගත් ට්‍රැවිස් හෙඞ්, නායක ටිම් පේන් සමගින් එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 150 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 467 ක් දක්වා ඉහළ දැමීමට සමත්විය. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 434 ක්ව තිබියදී ටිම් පේන් දැවී යාමත් සමගින් ඕස්ට්‍රේලියානු පිලේ අවසන් කඩුලු 5 ම ලකුණු 33 කට ඇද වැටිණ.
ඕස්ට්‍රේලියානු මැද පෙළ පිතිකරුවන් අතරේ සිය ස්ථානය තහවුරු කරගැනීම සඳහා මහත් අරගලයක යෙදෙන ට්‍රැවිස් හෙඞ් මිනිත්තු 332 ක් පුරා කඩුල්ලේ රැඳෙමින් පන්දු 234 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 114 ක් රැස්කිරීමට සමත්විය. ට්‍රැවිස් හෙඞ්ට අනගි සහයක් දුන් ටිම් පේන් සිය 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් අතර නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයන විට පන්දු 138 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 79 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.
පළමු දිනය නිමාවන විට කඩුලු 4 කට ලකුණු 257 ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටි අතර ස්ටීවන් ස්මිත් ලකුණු 77 ක් සහ ට්‍රැවිස් හෙඞ් ලකුණු 25 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ. නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ හෙන්රි නිකොල්ස්ට උඩපන්දුවක් දෙමින් අද දිනයේ පළමු කඩුල්ල ලෙස ස්ටීවන් ස්මිත් දැවීයන විට ඔහුට සිය ඉනිමට එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 8 ක් පමණි.
නීල් වැග්නර් කඩුලු 4 ක්, ටිම් සවුති කඩුලු 3 ක් සහ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලුදෙනා දැවී 467
(ඩේවිඩ් වෝනර් 41, මානස් ලැබුස්චේන් 63, ස්ටීවන් ස්මිත් 85, මැතිව් වේඞ් 38, ට්‍රැවීස් හෙඞ් 114, ටිම් පේන් 79, නීල් වැග්නර් 83/4, ටිම් සෝතී 103/3, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 68/2)
නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 44
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.