Last Update  :  2024-05-13 10:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

editorial - 2023 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පර්ල් නුවරදී ඊයේ (21 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 78 ක ජයක් ලැබූ ඉන්දියාව, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 297 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 45.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 218 ක් පමණි. ආරම්භක පිතිකරු ටෝනි ඩි සෝර්සි පන්දු 87 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 81 ක් රැස්කළද, දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා එය ප්‍රමාණවත් නොවීය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 296 ක් ලබාගත් අතර එහිදී ශතකයක් ලබාගැනීමට සංජු සැම්සන් (108) සමත් විය. පන්දු 114 කට මුහුණදුන් සැම්සන්, හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසූ අතර තිලක් වර්මා (52) සමග සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 136 කදී ලකුණු 116 ක්ද එක් කළේය. 

පන්දු 77 කදී වාර්තා වූ තිලක්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර ආරම්භක පිතිකරු රජිත් පටීදාර් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක්ද, රිංකු සිං පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 296 
(රජිත් පටීදාර් 22, සංජු සැම්සන් 108, ලෝකේෂ් රාහුල් 21, තිලක් වර්මා 52, රිංකු සිං 38, බියුරන් හෙන්ඩි්‍රක්ස් 63/3, නැන්ඩි්‍ර බර්ගර් 64/2) 

දකුණු අප්‍රිකාව - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 218 
(රීසා හෙන්ඩි්‍රක්ස් 19, ටෝනි ඩි සෝර්සි 81, ඒඞ්න් මාක්‍රම් 36, හෙන්රිච් ක්ලාසන් 21, බියුරන් හෙන්ඩි්‍රක්ස් 18, අර්ෂ්දීප් සිං 30/4, වොෂිංටන් සුන්දර් 38/2, අවේෂ් ඛාන් 45/2) 

-036 


අදහස් (0)

එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.