Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියට කදිම ආරම්භයක් ලබාගත් ඔයින් මෝගන්ගේ එංගලන්ත නඩය, ඩුබායිහි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති තරගයේදී කොදෙව් පිල පරාජය කරමින් කඩුලූ 6 ක පහසු ජයක් ලබාගත්තේය. ලකුණු 56 ක පහසු ඉලක්කයක් කරා යද්දී කඩුලූ 4 ක් දැවී ගිය නමුත් ඉතා කුඩා ඉලක්කයක් තුළදී වුවත් හැකි උපරිම ආකාරයේ ලකුණු වේගයක් රඳවා ගැනීම එංගලන්ත කණ්ඩායමේ අරමුණ වූ බව පැහැදිළිවම පෙනෙන්නට තිබිණ.
පළමු පන්දුවේ සිටම කිසිදු චකිතයකින් තොරව පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත පිතිකරුවෝ අනවශ්‍ය කලබලයක් පෙන්නුම් කළහ. හොඳ පන්දුවකින් ජේසන් රෝයි දැවී ගියද මොයින් අලී සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනාම දැවී ගියේ පමණට වඩා ඉක්මන් වීමෙනි. කෙසේ වෙතත් පන්දු ඕවර 8.2 කට සීමාවූ එංගලන්ත ඉනිමේදී කොදෙව් කී‍්‍රඩකයන් වෙතින් දක්නට ලැබුණු කැපවීම සහ උත්සාහය කිසිවකට දෙවැනි නොවන තරමේ විය.
කි‍්‍රස් ගේල් ලබාගත් ලකුණු 13 හැරෙන්නට වෙනත් එකම පිතිකරුවකුට හෝ ඉලක්කම් දෙකකින් කියැවෙන ලකුණු සංඛ්‍යාවක් ලබාගත නොහැකි විය. මොයින් අලී, ටයිමල් මිල්ස් සහ අදිල් රෂීඞ් තිදෙනාගේ අගනා පන්දු යැවීමත් එංගලන්ත කී‍්‍රඩකයන්ගේ අති විශිෂ්ට පන්දු රැකීමත් හමුවේ කොදෙව් පිල ලකුණු 55 කට දැවී ගියේය.
මෙය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් දැවීගිය තුන්වැනි අඩුම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම කොදෙව් කණ්ඩායමක් විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි.
දෙවරක්ම විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමක් නමුත් කොදෙව් පිතිකරුවන් අද පන්දුවට පහර දුන්නේ අතිශය බොළඳ ආකාරයෙනි. කොදෙව් ඉනිමේ කිසිම සැලසුමක් නොතිබිණ. ලකුණු 37 දී පස්වැනි කඩුල්ල ලෙසින් ඩ්වේන් බ‍්‍රාවෝ දැවී ගියත් පසුව පැමිණි පිතිකරුවෝ නියමිත ඕවර සංඛ්‍යාව ගැන හාං කවිසියක් නොදත්තවුන් සේ වනන්නා වාලේ පිති වැනූහ. එයින් උපරිම ප‍්‍රයෝජන ගත් අදිල් රෂීඞ් ඕවර 2.2 ක් යවමින් ලකුණු 02 කට කඩුලූ 4 ක් දවාගත්තේය.
ඉනිමේ අඩක් නිමාවීමටත් පෙර කණ්ඩායමේ අඩක් ආපසු කී‍්‍රඩාගාරයට ගිය හෙයින් කොදෙව්වෝ අමාරුවේ වැටුණහ. ඕවර 10 කදී ලකුණු 44 කට කඩුලූ 6 ක් අහිමි කරගත් කොදෙව්වෝ ඒ වන විටත් තරගයේ වාසිය එංගලන්තයට පූජා කර තිබිණ.
වේගවත් ආරම්භයක් ලබාගත් නමුත් ප‍්‍රහාරත්මක ඕවර 6 ඇතුළතදී කි‍්‍රස් ගේල් මෙන්ම ලෙන්ඞ්ල් සිමන්ස් සහ එවින් ලූවිස් දෙදෙනාම අහිමි වීම බරපතළ අවාසියක් විය. කොදෙව් පිතිහරඹයේ ප‍්‍රබලතම කණු තුනක් වන මේ තිදෙනාම දැවී යාමෙන් පසුව කොදෙව් අපේක්‍ෂා සියල්ලම කිරන් පොලාර්ඞ් මත රැුඳවිණ. එහෙත් පසුපෙළ පිතිකරුවන්ගේ පිත්තෙන් නික්මෙන පන්දුව හතරේ සීමාව නොව, පන්දු රකින්නන්ගේ දෑත් සොයා ඉගිළ ගියේය.
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 14.2 කදී සියලූ දෙනා දැවී 55
(කි‍්‍රස් ගේල් 13, මොයින් අලී 17/2, ටයිමල් මිල්ස් 17/2, අදිල් රෂීඞ් 02/4)
එංගලන්තය - ඕවර 8.2 කදී කඩුලූ 4 ක් දැවී 56
(ජේසන් රෝයි 11, ජොස් බට්ලර් නොදැවී 24, අකීල් හොසේන් 24/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.