Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තයට තවත් අසීරු අභියෝගයක්
අළු බඳුන

එංගලන්තයට තවත් අසීරු අභියෝගයක්

editorial - 2022 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එකම තරගයේදී උස්මන් කවාජා ලබාගත් දෙවැනි ශතකය හේතුවෙන් සිඞ්නි ටෙස්ට් තරගය ජයගනීමට නම් එංගලන්තයට ලකුණු 388 ක අසීරු ඉලක්කයක් කරා යාමට සිදුවී තිබේ. කෙසේ වෙතත් දැනට ඉතිරිවී ඇත්තේ තරගයේ එක දිනයක් පමණක් හෙයින්, ධෛර්යවත් පිතිහරඹයක නිරත වන්නේ නම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමේ අවස්ථාවත් එංගලන්ත පිලට නැතුවාම නොවේ.

අළු බඳුන තරගාවලියේ සිව්වැනි තරගය වන මෙම තරගයේ සිව්වැනි දිනය වන අද (08 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට, එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 30 ක් ලබා සිටියේය.

තරගය ජයග‍්‍රහණය කිරීමට නම් අවසන් දිනය වන ඉරිදා තවත් ලකුණු 358 ක් ලබාගත යුතුවන නමුත් දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයක් වන සිඞ්නි පිටියේදී එය පහසු කාරියක් නොවේ. එබැවින් මේ වනවිටත් 3-0 ක් ලෙසින් අළු බඳුන තරගාවලිය පරාජය වී සිටින එංගලන්තයට 5-0 ක තරගාවලි පරාජයකින් ආරක්‍ෂා වීමට ඇති හොඳම අවස්ථාව වන්නේද ඉරිදා දිනය පුරාම සිය කඩුලූ ආරක්‍ෂා කරගැනීම පමණි.

වසර දෙක හමාරකට පසුව නැවතත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එක්වූ කවාජා සිය පුනරාගමනය සටහන් කළේ අගනා ශතකයකිනි. දෙවැනි ඉනිමේදී ඊට තවත් ශතකයක් එකතු කළ කවාජා, කොවිඞ් අසාදනය වීම නිසා කණ්ඩායමෙන් ඉවත්වූ ට‍්‍රැවිස් හෙඞ් වෙනුවට තමන්ව කැඳවීම 100‍% ක්ම සාර්ථක තේරීමක් බව සනාථ කළේය.

ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිමේ එක් අවස්ථාවකදී කඩුලූ 4 ක් ලකුණු 86 කට බිඳ වැටී තිබිණ. එහෙත් කැමරන් ගී‍්‍රන්  (74) සමගින් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් විනාඩි 167 කදී ලකුණු 179 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කවාජා, එංගලන්තය පිල වෙත අභියෝගාත්මක ඉලක්කයක් වීසිකිරීමට අවශ්‍ය කාලයද  ඕස්ටේ‍්‍රලියානු නායකයාට ඉතිරි කළේය.

පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 137 ට දෙවැනි ඉනිමේදී තවත් ලකුණු 103 ක් එක්කළ කවාජාගේ 10 වැනි ටෙස්ට් ශතකය මෙයයි. සිඞ්නි පිටියේදී එකම තරගයක ඉනිම දෙකකදී ශතක ලබාගත් තුන්වැනි  ඕස්ටේ‍්‍රලියානුවා කවාජාය. ඔහුට පෙර ඩග් වෝල්ටර්ස් (කොදෙව් පිලට එරෙහිව 1969 දී) සහ රිකී පොන්ටිං (දකුණු අපි‍්‍රකාවට එරෙහිව 2006 දී) සිඞ්නි පිිටියේදී එවන් දස්කමක් කර තිබිණ.

තරගයේ තුන්වැනි දිනය වූ සිකුරාදා කඩුලූ 7 ක් දැවී ලකුණු 258 ක් ලබාසිටි එංගලන්ත කණ්ඩායමට අද පෙරවරුවේදී ලබාගත හැකිවූයේ ලකුණු 36 ක් පමණි. සිය මංගල ටෙස්ට් තරගයේදී ලකුණු 07 කට කඩුලූ 6 ක් දවාගත් ස්කොට් බෝලන්ඞ් සිඞ්නි තරගයේදීත් ලකුණු 36 කට කඩුලූ 4 ක් දවාගත්තේ විවේක ගන්නා  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නන්ට හිසරදය ගෙන එමිනි.


ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 8 ට 416 යි
එංගලන්තය - පළමු ඉනිම 294

(සැක් ක්‍රෝලි 18, බෙන් ස්ටෝක්ස් 66, ජොනී බෙයාර්ස්ටෝ 113, මාක් වුඞ් 39, ජැක් ලීච් 10, ස්ටුවර්ට් බ්‍රෝඞ් 15, පැට් කමින්ස් 68/2, ස්කොට් බෝලන්ඞ් 36/4, නේතන් ලයන් 88/2)
 ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 6 ට 265 යි
(මාකස් හැරිස් 27, මානස් ලැබුෂේන් 29, ස්ටීවන් ස්මිත් 23, උස්මන් කවාජා නොදැවී 101, කැමරන් ගී‍්‍රන් 74, මාක් වුඞ් 65/2, ජැක් ලීච් 84/4)
එංගලන්තය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 30

- 213

 


අදහස් (0)

එංගලන්තයට තවත් අසීරු අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.