Last Update  :  2025-08-15 14:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය ලකුණු 264 ක් ඉදිරියෙන්

එංගලන්තය ලකුණු 264 ක් ඉදිරියෙන්

editorial - 2020 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප් ටවුන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (5 වැනිදා) නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 218 ක් ලබා සිටියේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 264 ක් ඉදිරියෙන් සිටින අතර දිනය නිමාවන විට දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් සිටි ආරම්භක පිතිකරු ඩොමිනික් සිබ්ලි හතරේ පහර 13 ක් සමග ලකුණු 85 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

පිට පිට ඕවර 2 කදී නායක ජෝ රූට් ලකුණු 61 කටද, රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ඩොමිනික් බේස් ලකුණු නොලබාද දැවී යෑමත් සමග තෙවැනි දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. ඞ්වේන් ප්‍රිටෝරියස්ගේ පන්දුවක් හමුවේ ෆෆ් ඩුප්ලෙසි අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රූට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ.

මුලු ලකුණු සංඛ්‍යාව 28 ක් වන විට කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ ක්වින්ටින් ඩි’කොක් අතට උඩ පන්දුවක් දෙමින් සැක් ක්‍රෝව්ලි ලකුණු 25 කට දැවීගිය අතර එතැන් පටන් ජෝ ඩෙන්ලි (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සිබ්ලි සමත් විය.

ඇන්රිච් නොට්ජේගේ පන්දුවක් හමුවේ ඞ්වේන් ප්‍රිටෝරියස් අතට උඩ පන්දුවක් දෙමින් ඩෙන්ලි දැවීයෑමත් සමග එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවද නිමාවට පත් වූ අතර ඉන් අනතුරුව රූට් සමග එක්වූ සිබ්ලි තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

දෙවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 8 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජේම්ස් ඇන්ඩසන් ලකුණු 40 කට කඩුලු 5 ක් දවාගත්තේය. මෙය ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් 28 වැනි අවස්ථාව ලෙස සටහන් විය.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
(ඩොමිනික් සිබ්ලි 34, ජෝ ඩෙන්ලි 38, ජෝ රූට් 35, බෙන් ස්ටෝක්ස් 47, ඔලී පෝප් නොදැවී 61, ජොස් බට්ලර් 29, කගිසෝ රබාඩා 68/3, ඞ්වේන් ප්‍රිටෝරියස් 26/2, වර්නන් පිලැන්ඩර් 46/2, ඇන්රිච් නොට්ජේ 56/2)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 223
(ඩීන් එල්ගා 88, රාසි පැන්ඩර් ඩසන් 68, ක්වින්ටන් ඩි’කොක් 20, වර්නන් පිලැන්ඩර් නොදැවී 17, ජේම්ස් ඇන්ඩසන් 40/5, ස්ටුවට් බ්‍රෝඞ් 38/2, සෑම් කරන් 39/2)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 218
(සැක් ක්‍රෝව්ලි 25, ඩොමිනික් සිබ්ලි නොදැවී 85, ජෝ ඩෙන්ලි 31, ජෝ රූට් 61, ඇන්රිච් නොට්ජේ 36/2)


-036

 


අදහස් (0)

එංගලන්තය ලකුණු 264 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.