Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය පරාජයෙන් ගැලවෙයි
අළු බඳුන

එංගලන්තය පරාජයෙන් ගැලවෙයි

editorial - 2022 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසානය පෙනි පෙනී තිබියදී 9 වැනි කඩුල්ලත් දවාගැනීමට  ඕස්ටේ‍්‍රලියානුවන් සමත් වූ නමුත් එංගලන්ත පිතිකරුවෝ සිඞ්නි පිටියේදී පැවැති සිව්වැනි අළු බඳුන තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගත්හ. මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමත් සමගම 5-0 ක තරගාවලි ජයක් පිළිබඳව  ඕස්ටේ‍්‍රලියානුවන් තැබූ බලාපොරොත්තු බිඳ වැටිණ.
 
තරගාවලියේ පළමු තරග තුනම ජයගත් ඕස්ටේ‍්‍රලියාව, මේ වන විටත් 3-0 ක් ලෙසින් තරගාවලිය ජයගෙන, අළු බඳුන අත්පත් කරගෙන සිටී.

තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 388 ක අභියෝගයක් ලද එංගලන්තය සිව්වැනි දිනය වූ සෙනසුරාදා නිමා කළේ කිසිවකු නොදැවී ලකුණු 30 ක් ලබාගිමිනි. අවසන් දිනය වූ අද (ඉරිදා) ලකුණු 358 ක් ලබාගැනීම පසෙක තබා කඩුලූ රැකගැනීමට උනන්දු වූ එංගලන්තය තේ පානය වන විටත් කඩුලූ 4 කට ලකුණු 174 ක් ලබා සිටියේ තරගය බේරා ගැනීමේ බලාපොරොත්තු රඳවා ගනිිමිනි. බෙන් ස්ටෝක්ස් (නොදැවී 46) සහ මුල් ඉනිමේදී ශතකයක් ලබාගත් ජොනී බෙයාර්ස්ටෝ (නොදැවී 10) කඩුල්ලේ රැඳී සිටියහ.

තේ පානයෙන් පසුව නේතන් ලයන්ගේ පන්දුවකින් බෙන් ස්ටෝක්ස් දැවී ගිය අතර පන්දු 3 ක් ඇතුළතදී ජොස් බට්ලර් සහ මාක් වුඞ් දැවී ගියහ. හදිසියේම ලකුණු පුවරුව කඩුලූ 7 කට 218 ක් ලෙසින් දිස්වූ අතර පැයකට වැඩි කාලයකදී  ඕවර 17 ක් යැවීමට තිබිණ. සිය මහපටැඟිල්ලේ ආබාධයක් තිබියදීත් සටනට වන් ජොනී බෙයාර්ස්ටෝ පිටියේ තනිවී සිටියේය.

මඳ වේලාවකින් බෙයාර්ස්ටෝ (46) දැවී ගියද ජැක් ලීච් (26) සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් (නොදැවී 08) දෙදෙනා එක්ව  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ගේ ගමන හරස්කරමින් සිටියහ.

ආලෝකය එන්න එන්නම හීන වීම හේතුවෙන් අවසන්  ඕවර තුනේදී සිය වේග පන්දු යවන්නන් යොදා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු නායක පැට් කමින්ස්ට නොහැකි විය. එහෙත් ජැක් ලීච් දවාගනිමින් ස්ටීවන් ස්මිත් වසර 6 කට පසුව ටෙස්ට් කඩුල්ලක් දවාගත්තේ ලකුණු 270 දී 9 වැනි කඩුල්ලත් බිම දමමිනි.

ඕස්ටේ‍්‍රලියානු පන්දු රකින්නන් වළල්ලක අකාරයෙන් තමන් වටකරගෙන සිටියදීත්, අවසන් ඕවර දෙකේදී කඩුලූ රැකගත් එංගලන්තයේ පැරණිතම සොල්දාදුවන් දෙදෙනා වන ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩසන්, තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළේ 5-0 ක පරාජයකින් එංගලන්ත පිල ගලවා ගනිමිනි.


ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 8 ට 416 යි
එංගලන්තය - පළමු ඉනිම 294
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 6 ට 265 යි

(මාකස් හැරිස් 27, මානස් ලැබුෂේන් 29, ස්ටීවන් ස්මිත් 23, උස්මන් කවාජා නොදැවී 101, කැමරන් ගී‍්‍රන් 74, මාක් වුඞ් 65/2, ජැක් ලීච් 84/4)
එංගලන්තය - දෙවැනි කඩුලූ 9 ක් දැවී 270 යි
(සැක් ක්‍රෝලි 77, ජෝ රූට් 24, බෙන් ස්ටෝක්ස් 60, ජොනී බෙයාර්ස්ටෝ 41, ජොස් බට්ලර් 11, ජැක් ලීච් 26, පැට් කමින්ස් 80/2, ස්කොට් බෝලන්ඞ් 30/3, නේතන් ලයන් 28/2)

- 213

 


අදහස් (0)

එංගලන්තය පරාජයෙන් ගැලවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.