Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය ග්‍රහණය දැඩිකරයි

එංගලන්තය ග්‍රහණය දැඩිකරයි

editorial - 2021 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පන්දු යවන්නන් විසින් තරගයේ ග්‍රහණය සියතට ගැනීමත් සමගින් තරගය සිව්වැනි දිනටත් අද (15 වැනිදා) අවසන් කරන විට ඉන්දිය පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 181 ක් ලබා සිටියේය. ඒ් අනුව එංගලන්තයට වඩා ලකුණු 154 ක් ඉදිරියෙන් සිටීමට ඉන්දියාව සමත්වී ඇත.

මිනිත්තු 280 කදී පන්දු 206 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි චෙතෙස්වර් පුජාරාට, මාක් වුඩ්ගේ පන්දුවක් හමුවේ රූට් අතට උඩපන්දුවක් දෙමින් දැවී යනවිට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 45 ක් පමණි.

අර්ධ ශතකයක් ලබාගනිමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමූ අජින්ඛ්‍යා රහනේ ලකුණු 61 ක් රැස්කර සිටියදී මොයින් අලීගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. තවත් වැඩි වේලාවක් යෑමට මත්තෙන් අලීගේ පන්දුවක් හමුවේ රවින්ද්‍ර ජදේජා ලකුණු 3 කට දැවී ‌ගියේය.

සෑම් කරන් විසින් විරාට් කෝලි දවාගනු ලැබීමත් සමගින් ලෝඞ්ස් පිටියේදී පැවැත්වන දෙවැනි ටෙස්ට් තරගයේ වාසිය ග්‍රහණය කරගත් එංගලන්තය සැහැල්ලු සිතින් දිවා ආහාරය ගැනීමට ගියේය. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් පිතිකරුවන් වෙත පීඩනය වැඩිකළ එංගලන්ත පන්දු යවන්නෝ දිවා ආහාරයත් තේ පානයත් අතරතුර ඉන්දීය පිතිකරුවන්ට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 49 ක් පමණි.

ජෝ රූට්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් මුල් ඉනිමේදී ලකුණු 27 ක වාසියක් ලබාගත් එංගලන්ත කණ්ඩායමට හිමිවූ හෙයින් කඩුලු 7 ක් පමණක් අතැතිව සිටින ඉන්දිය පිල ඉදිරියෙන් සිටින්නේ ලකුණු 78 කින් පමණි.

ඩීප් ස්ක්වෙයාර් හි පන්දු රකින්නන් තිදෙනකු රඳවමින් රෝහිත් ෂර්මාට සුපුරුදු උගුල ඇටවූ එංගලන්ත නායකයා එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත්තේය. මාක් වුඞ්ගේ පන්දුවක් ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයට ඉහළින් නරඹන්නන් අතරට යැවූ ෂර්මා ඊළඟට මුහුණ දුන් බවුන්සර් පන්දුවෙන් හිස අහකට ගත්තේය. ඊළඟට මුහුණ දුන් කෙටි පන්දුවට ගැසූ හුක් පහරින් ඉගිළුණ පන්දුව ඩීප් ස්ක්වෙයාර් ලෙග්හි සිටි මොයින් අලී විසින් සුරැකිව රැකගන්නා ලදි.

ලෝකේෂ් රාහුල් ලකුණු 5 කට දවාගත් වේග පන්දු යවන්නා දිවා ආහාරයට පෙරම පිතිකරුවන්ට තර්ජනාංගුලිය දිගු කරමින් සිටියේය. සිය පළමු පන්දු යැවීමේ වාරයේදී ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත් මාක් වුඞ් වරෙක ඉන්දීය පිල කඩුලු 2 ක් දැවී ලකුණු නැති තත්ත්වයට (ලකුණු 27 ක අවාසියක් තිබූ හෙයින්) ඇද දමා තිබිණ. පළමු ඉනිමේදී ජේම්ස් ඇන්ඩසන් ලකුණු 62 කට කඩුලු 5 ක් දවාගත් අතර මාක් වුඞ් දෙවැනි ඉනිමේදී එවැන්නකට සූදානමින් සිටියේය.

ඉන්දියාවට ඉතිරිව ඇති බලාපොරොත්තුව වන්නේ දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින චෙටේස්වාර් පුජාරා සහ අජින්ක්‍යා රහනේ එක්ව සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවීමයි. දිවා ආහාරයත් තේ පානයත් අතරතුර මෙම පිතිකරුවෝ දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ.

සෑම් කරන් විසින් විරාට් කෝලි කඩුල්ල මුවාකරගැනීමේ වරදට හසුකරගත් නමුත් එය විනිසුරුවරයාගේ තීරණය වූයෙන් කෝලිට ගැලවීමක් ලැබිණ. එහෙත් දිගින් දිගටම පිතිකරුවාගෙන් ඉවතට පන්දුව දෝලනය කරමින් සිටි සෑම් අවසානයේදී ඉන්දීය නායකයාගේ පිත්තේ පිටත දාරය සොයාගත්තේය.

එංගලන්ත මුල් ඉනිම වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජෝ රූට් නොදැවී ලකුණු 180 ක් ලබාගත්තේ ටෙස්ට් ලකණු 9000 කඩයිමද පසුකර යමිනි. සිය ද්විත්ව ශතකය කරා යාමට එංගලන්ත නායකයාට අවස්ථාව අහිමි වූයේ සෙනසුරාදා යැවූ අවසන් පන්දුවේදී ජේම්ස් ඇන්ඩසන් දැවීගිය බැවිනි.


ඉන්දීයාව - පළමු ඉනිම  364 යි
(රෝහිත් ශර්මා 83, ලොකේෂ් රාහුල් 129, විරාට් කෝලි 42, රිෂාබ් පන්ට් 37, රවීන්ද්‍ර ජදේජා 40,
ජේම්ස් ඇන්ඩසන් 62/5, ඔලී රොබින්සන් 73/2, මාක් වුඞ් 91/2)

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 5 ක් දැවී 314
(රෝරි බර්න්ස් 49, ජෝ රූට් නොදැවී 180, ජොනී බෙයාර්ස්ටෝ 57 ජොස් බට්ලර් 23, මොයින් අලී 27, ඉෂාන්ත් ෂර්මා 69/3, මොහොමඞ් ශාමි 95/2, මොහොමඞ් සිරාජ් 94/4)

ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 6 ක් දැවී 181
(රෝහිත් ෂර්මා 21, විරාට් කෝලි 20, චෙටේස්වාර් පුජාරා 45, අජින්ක්‍යා රහනේ 61, රිෂාබ් පාන්ට් නොදැවී 14, ඉෂාන්ට් ෂර්මා නොදැවී 4, මාක් වුඞ් 40/3, මොයින් අලී 52/2, සෑම් කරන් 30/1)

 

- 213

 


අදහස් (0)

එංගලන්තය ග්‍රහණය දැඩිකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.