Last Update  :  2025-05-10 11:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය අවසන් පූර්ව වටයට
කාන්තා ලෝක කුසලාන - 2022

එංගලන්තය අවසන් පූර්ව වටයට

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ බංග්ලාදේශය අතර වෙලිංටන්හිදී අද (27 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 100 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමටද එංගලන්ත කාන්තා කණ්ඩායමට හැකි විය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට සොෆී එක්ලෙස්ටෝන් සහ චාලට් ඩීන් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 48 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සොෆී සහ චාලට් කඩුලු 3 බැගින් බිඳහෙළමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමූහ.  

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූ ලතා මොන්ඩල් පන්දු 45 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කළ අතර ආරම්භක පිතිකාරියන් වූ ශමිමා සුල්තානා සහ ශාමින් අක්තර් ලකුණු 23 බැගින් රැස්කළහ. පන්දු 64 කදී වාර්තා වූ සුල්තානාගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 50 කදී වාර්තා වූ අක්තර්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 234 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සොෆියා ඩන්ක්ලි පන්දු 72 කින් ලකුණු 67 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. ඇමී ජෝන්ස් (31) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැඟීමටද සොෆියා සමත් වූවාය.

ඉන් නොනැවතුන සොෆියා, හයවැනි කඩුල්ල සඳහා කැත්‍රින් බ්‍රන්ට් (නොදැවි 24) සමග එක්ව පන්දු 31 කදී වේගවක් ලකුණු 43 ක්ද එක්කළාය. පන්දු 47 කට මුහුණුදුන් ඇමී ජෝන්ස්ගේ ඉනිමට හතරේ පහර 2 ක් අන්තර්ගත විය. ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ එංගලන්ත ඉනිමට නව ජවයක් එක්කළ ටැමී බියුමොන්ට් (33) සහ නැතලි ෂීවර් (40) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 101 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.


එංගලන්ත කාන්තා පිල - ඕවර 50 කදී කඩුල්ලක් දැවී 234
(ටැමී බියුමොන්ට් 33, නතලි ෂීවර් 40, ඇමී ජෝන්ස් 31, සොෆියා ඩන්ක්ලි 67, කැත්‍රින් බ්‍රන්ට් නොදැවී 24, සොෆී එක්ලෙස්ටෝන් නොදැවී 17, සල්මා ඛාතූන් 46/2)

පාකිස්තාන කාන්තා පිල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 134
(ශමීමා සුල්තානා 23, ශාමින් අක්තර් 23, නිගාර් සුල්තානා 22, ලතා මොන්ඩල් 30, සොෆී එක්ලෙස්ටෝන් 15/3, චාලට් ඩීන් 31/3)

-036


අදහස් (0)

එංගලන්තය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.