Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
දිගින් දිගටම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වෙමින් සිටි තරුණ ආරම්භක පිතිකරුවකු වන අවිශ්ක ප්‍රනාන්දු එංගලන්ත සංචාරය සඳහා වන මූලික සංචිතයට ඇතුළත් වී සිටී. ජූනි මස මැද භාගයේදී ආරම්භ වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් 28 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් තෝරාගනු ලැබ තිබේ.
අවිශ්ක ප්‍රනාන්දුට අමතරව, බංග්ලාදේශ සංචාරයට එක් නොවූ ධනංජය ලක්ෂාන්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම සහ කමිල් මිෂාර ද මෙම මූලික සංචිතයට ඇතුළත්ව සිටිති.
බංග්ලාදේශ සංචාරයේදී පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වූ ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනා එංගලන්ත සංචාරයට පෙර තම තමන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ සමත්විය යුතුව තිබේ.
මෙම සංචිතය ලබන සතියේදී ක්‍රීඩකයන් 22 ක් දක්වා අඩුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කියයි. ඉන් අනතුරුව එම ක්‍රීඩකන් 22 එකම ජෛව බුබුලක රඳවා ගනිමින් පුහුණුවීම් කරනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය විස්සයි-20 තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විතය. මෙහි එක්දින තරග තුනම ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරග 3 කි.
එංගලන්තයේදී සතියක නිරෝධායන කාලයකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මස 8 වැනිදා හෝ 10 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බවද වාර්තා වේ.
බංග්ලාදේශ සංචාරයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද (30 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔවුන් වෙනමම ජෛව බුබුලක සිටින අතර දින තුනක අනිවාර්ය නිරෝධායන කාලයකින් පසුව පුහුණුවීම් සඳහා එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් මෙන්ම සහාය පුහුණු කාර්යමණ්ඩලය අධීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂක ටොම් මූඩි මහතාද එංගලන්ත සංචාරයට එක්වනු ඇත.
එංගලන්ත සංචාරය සඳහා වන මූලික සංචිතය
කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, අකිල ධනංජය, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, බිනුර ප්‍රනාන්දු, කමිල් මිෂාර, ශිරාන් ප්‍රනාන්දු සහ ඉෂාන් ජයරත්න,
Asitha Monday, 31 May 2021 03:25 AM
කුසල් මෙන්ඩිස්ලාට මෙච්චර අවස්ථා දෙන්නේ ඇයි? අපිට තවත් ක්‍රිකට් එපා කරවනවා. ගමේ කොල්ලෙක් යැව්වා නම් ඔයිට වඩා ගහයි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.