Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 48 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. මෙම තරගයේ ජය එංගලන්තය සතු වුවද, දෙරට අතර පැවැති යොවුන් එක්දින තරගාවලිය තරග 3-2 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 35.1 ක් අවසානයේ ලකුණු 217 කට සීමා කිරීමට ටොම් ප්‍රීස්ට් ප්‍රමුඛ එංගලන්ත යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රීස්ට් ලකුණු 41 කට කඩුලු 6 ක් දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් තෝමස් ඇස්පින්වෝල් ලකුණු 22 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.
එංගලන්ත යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ. ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සදීෂ රාජපක්ෂ පන්දු 77 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 66 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු අභිෂේක් ලියනාච්චි පන්දු 37 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 24 ක්ද, සකුණ ලියනගේ පන්දු 24 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කළහ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ වැඩ බලන නායක රවීන් ද සිල්වාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ ඕවර 50 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 214 ක් රැස්කළහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ විලියම් ලුක්ස්ටන් පන්දු 119 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 84 ක් රැස්කිරීමට සමත් විය.
ඇලෙක්ස් හෝටන් (36) සමග එක්ව එංගලන්ත යොවුන් ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 146 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලුක්ස්ටන් සමත් විය. පන්දු 62 කදී වාර්තා වූ හෝටන්ගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් විය. එංගලන්ත යොවුන් ඉනිම් අවසන් ඕවර කිහිපයේදී පන්දු 14 කට මුහුණදුන් තෝමස් ඇස්පිවෝල් එහිදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 20 ක් රැස්කළේය.
පන්දුවට පහරදෙමින් සිටියදී ආබාධයකට ලක්වීම නිසා ලුක්ස්ටන් පිටියෙන් ඉවත්ව ගිය අතර විනුජ රන්පුල් ලකුණු 45 කට කඩුලු 4 ක්ද, සදීෂ රාජපක්ෂ ලකුණු 17 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නිත්‍ය නායක දුනිත් වෙල්ලාලගේ මෙම තරගයට සහභාගි නොවීය.
එංගලන්ත යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවි 214
(ජෝජ් තෝමස් 17, විලියම් ලුක්ස්ටන් 84, රෙහාන් අහමඞ් 14, ඇලෙක්ස් හෝටන් 36, තෝමස් ඇස්පින්වෝල් නොදැවී 20, විනුජ රන්පුල් 45/4, සදීෂ රාජපක්ෂ 17/2)
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 166
(අභිෂේක් ලියනාරච්චි 24, සදීෂ රාජපක්ෂ 66, සකුණ ලියනගේ 20, රවීන්ද සිල්වා 13, ටොම් ප්‍රීස්ට් 41/6, තෝමස් ඇස්පින්වෝල් 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.