Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශය පරදවති

එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශය පරදවති

editorial - 2022 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොෂුවා බෝයිඩන් (16/4) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් ශාන්ත කිස්ට්හදී ඊයේ (16 වැනිදා) පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ තරගයකදී බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත යොවුන් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 98 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත යොවුන් පිල ඕවර 25.1 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජය ගැනීමට සමත්විය.

ආරම්භක පිතිකරු ජාකෝබ් බීතල් පන්දු 63 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 44 ක් ලබාගත් අතර ජේම්ස් රෙව් පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 26 ක් ලබාගනිමින් එංගලන්ත යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

තෙවැනි කඩුල්ල සඳහා පන්දු 69 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් පැවැත්වීමට ජාකෝබ් බීතල් සහ ජේම්ස් රෙව් සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් පිලට ඕවර 35.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 97 ක් පමණි.

මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන විට අවසන් කඩුල්ල ලෙස පිටියට පිවිසි රිපොන් මොන්ඩල් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස් කිරීමට සමත්විය.

නයිමුර් රෝමන් සමගින් අවසන් කඩුල්ල සඳහා පන්දු 66 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් කඩා වැටී තිබුණු බංග්ලාදේශ යොවුන් ඉනිම තරමක් දුරට ගොඩනැගීමට රිපොන් මොන්ඩල් සමත්විය.

ජොෂුවා බෝයිඩන් ලකුණු 16 කට කඩුලු 4 ක් සහ තෝමස් ඇස්පින්වෝල් ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

බංග්ලාදේශය - ඕවර 35.2 කදී සියලුදෙනා දැවී 97
(රිපොන් මොන්ඩල් නොදැවී 33, ජොෂුවා බෝයිඩන් 16/4, තෝමස් ඇස්පින්වෝල් 18/2)

එංගලන්තය - ඕවර 25.1 කදී කඩුලු 3 ක් දැවී 98
(ජාකෝබ් බීතල් 44, ජේම්ස් රෙව් නොදැවී 26)


අදහස් (0)

එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.