Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්ත පළමු ඉනිම 147 කට සීමාවෙයි
අළු බඳුන

එංගලන්ත පළමු ඉනිම 147 කට සීමාවෙයි

editorial - 2021 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක පැට් කමින්ස් (38/5) ඇතුළු වේගපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බි‍්‍රස්බේන්හිදී අද (8 වැනිදා) ආරම්භවූ අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී එංගලන්ත පළමු ඉනිම ලකුණු 147 කට සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියාවට හැකිවිය. එංගලන්ත ඉනිම අවසන්වීමත් සමග වර්ෂාව පතිතවීම නිසා තරගය නතර කිරීමට සිදුවූ අතර නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ජෝ රූට් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළද, එංගලන්ත පිතිකරුවන්ට හිස එසවීමට ඕස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ. නායක පැට් කමින්ස් ලකුණු 38 කට කඩුලූ 5 ක්ද, මිචෙල් ස්ටාක් සහ ජොෂ් හේසල්වුඞ් කඩුලූ 2 බැගින්ද දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ. කැමරන් ග‍්‍රීන්ද කඩුල්ලක් දවාගැනීමට සමත් වීමත් සමග සියළු කඩුලූ වේගපන්දු යවන්නන් අතරේ බෙදී ගියේය.

තරගාවලිය ආරම්භ කරමින් මිචෙල් ස්ටාක් යැවූ පළමු පන්දුව කඩුල්ලේ වැදීම හේතුවෙන් රෝරී බර්න්ස්ට ලකුණු නොලඹාම පිටියෙන් ඉවත්වීමට සිදුවිය. සෙසු ආරම්භක පිතිකරුවා වූ හසීබ් හමීඞ් ලකුණු 25 ක් ලබාගත්තද, ලකුණු 60 ක් තුළ එංගලන්ත පිතිකරුවන් 5 දෙනකු පිටියෙන් ඉවත් කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

ඔලී පොප් (35) සහ ජොස් බට්ලර් (39) එක්ව එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල ස`දහා ලකුණු 52 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර අනෙක් පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාවක් හිමි නොවීය. හතරේ පහර 2 ක් සමගින් ඔලී පොප් ලකුණු රැස්කළ අතර ජොස් බට්ලර් ලකුණු රැුස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.

හෙට (9 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.


එංගලන්ත පලමු ඉනිම - සියලූ දෙනා දැවී 147
(හසීබ් හමීඞ් 25, ඔලී පොප් 35, ජොස් බට්ලර් 39, ක‍්‍රිස් වෝක්ස් 21, පැට් කමින්ස් 38/5, මිචෙල් ස්ටාක් 35/2, ජොෂ් හේසල්වුඩ් 42/2)


අදහස් (0)

එංගලන්ත පළමු ඉනිම 147 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.