Last Update  :  2024-04-30 15:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති
යොවුන් කාන්තා තුන්කොන් තරගාවලිය

එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නියන්ට රිදෙන්නම තැළුෑ ඩෙවීනා පෙරින්ගේ (54) ප්‍රහාරාත්මක ඉනිම නිසා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (03 වැනිදා) පැවති තරගයකදී එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවෝ, ශ්‍රී ලංකාව පරදවා කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්හ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ආරම්භයේදීම සංජනා කාවින්දි සහ අචිනි කෞශල්‍යා දෙදෙනා එක්ව පන්දු 35 කින් ලකුණු 50 ක් පුවරුවට එක් කළහ. එහෙත් සංජනාගේ දැවීයාමත් සමගම පන්දු 23 ක් ඇතුළත කඩුලු 6 ක් බිඳ වැටිණ. 

වරෙක කිසිවකු නොදැවී 50 ක් ලෙසින් සටහන් වූ ලකුණු පුවරුවේම, ඕවර 3.5 කට පසුව කඩුලු 6 ට 69 ක් ලෙසින් සටහන් විය. චාලට් ස්ටබ්ස් සහ අවා ලී දෙදෙනාගේ සාර්ථක පන්දු යැවීමට අමතරව එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට පන්දු රැකීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මහත්ම තර්ජනය විය. 

ඉලක්කය කරා යාමේදී ඩෙවීනා පෙරින් ලබාගත් ප්‍රවේගකාරී ආරම්භය නිසා එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ ගමන පහසු විය. පන්දු 34 කින් ලකුණු 54 ක් ලබාගත් ඩෙවීනාගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය. ඩෙවීනා සහ ඊරින් තෝමස් අතර පැවැති ලකුණු 84 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව වෙනුවෙන් වැයවූයේ පන්දු 58 කි. පසුව පැමිණි චාරිස් පැව්ලේ පන්දු 9 කින් ලකුණු 24 ක් ලබාගත් හෙයින් එංගලන්ත යෞවනියන්ගේ ගමන වඩාත් ඉක්මන් විය. 


ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකාවෝ - ඕවර 20 කදී කඩුලු 9 ට 126 යි
(සංජනා කාවින්දි 20, අශානි කෞශල්‍යා 24, මනුදි නානායක්කාර 12, දැහැමි සෙනෙත්මා 10, රශ්මිකා සෙව්වන්දි 15, ශෂිනි ගිම්හානි නොදැවී 11, චාලට් ස්ටබ්ස් 23/2, අවා ලී 19/2)

එංගලන්ත 19 න් පහළ බාලිකාවෝ - ඕවර 14.4 කදී කඩුලු 4 ට 127 යි
(ඩෙවීනා පෙරීන් 54, ඊරින් තෝමස් 27, චාරිස් පැව්ලේ නොදැවී 24, අමූ සුරේන්කුමාර් 10, හිරුණි හංසිකා 21/2)

- 213


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.