Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International උදානගේ දස්කම් නයිට්රයිඩර්ස් පිලට ‍ජය ගෙනෙයි

උදානගේ දස්කම් නයිට්රයිඩර්ස් පිලට ‍ජය ගෙනෙයි

editorial - 2021 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැරිබියන් ප්‍රීමියර් ලීග් විස්සයි20 තරගාවලියේ 30 වැනි තරගය ලෙස ශාන්ත කිට්ස් සහ නෙවීස් පැට්‍රියොට්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (12 වැනිදා) පැවැති තරගයේදී ටින්බැගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුනු 148 ක ඉලක්කයක් හඹාගිය නයිට්රයිඩර්ස් කණ්ඩායම ‍ඕවර 19 ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගියේය. එහිදී හයේ පහර 3 ක් සමග පන්දු 16 කින් නොදැවී ලකුණු 25 ක් රැස්කළ උදාන, සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

නායකත්වයේ පිතිහරඹයක නිරත වූ කිරන් පො‍ලාඩ් පන්දු 22 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 51 ක් රැස්කරමින් නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මහා අඩි තාලමක් දැමුවේය. ආරම්භක පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 17 කදී ලකුණු 20 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ උදාන, සිය ඕවර 4 තුළ 28 කට කඩුලු 2 ක් දවාගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් පැට්‍රියොට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 147 කට සීමා කිරීම සඳහාද අනගි දායකත්වයක් සැපයීය.


ශාන්ත කිට්ස් සහ නෙවීස් පැට්‍රියොට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 147
(ජොෂුවා ද සිල්වා 50, ජොනතන් කාටර් 16, ශර්ෆේන් රදර්ෆර්ඩ් 25, ‍ඩ්වේන් බ්‍රාවෝ 25, අලී ඛාන් 19/3, ඉසුරු උදාන 28/2)

ටින්බැගෝ නයිට්රයිඩර්ස් පිල - ඕවර 19 කදී කඩුලු 6 කට 150
(ලෙන්ඩ්ල් සිමන්ස් 20, ඩිනේෂ් රැම්ඩින් 17, කිරන් පොලාඩ් 51, ඉසුරු උදාන නොදැවී 25, ෆාවඩ් අහමඩ් 16/2)


-036


අදහස් (0)

උදානගේ දස්කම් නයිට්රයිඩර්ස් පිලට ‍ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.