Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඞ් නවාස්, පිතිකරුවන්වූ ඉෆ්තිකාර් අහ්මඞ් සහ මොහොමඞ් රිස්වාන් පාකිස්තාන සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මෙම තරගාවලියට එක්දින තරග 3 ඇතුළත් වන අතර ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානී මිස්බා උල් හක්ගේ පළමු තරගාවලියද වන්නේය.
වේගපන්දු යවන්නන්වූ ශහීන් ෂා අෆ්රිඩි සහ හසන් අලී දෙදෙනාගේ අසනිප තත්වයන් හේතුවෙන් එක්දින සංචිතයට නම්කර නොමැත. ශහීන් ෂා අෆ්රිඩිට ඩෙංගු රෝගය වැළඳී ඇති අතර අතර හසන් අලී පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටී.
අවසන් ජාත්‍යන්තර තරගාවලිය වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළ මොහොමඞ් හෆීස් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීම නිසාත් ෂොයිබ් මලික් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගෙන ඇති නිසාත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට නම්කර නොමැත.
අවසන් වරට 2015 නොවැම්බර් මාසයේදී එක්දින තරගාවලියකට එක්වූ ඉෆ්තිකාර් අහ්මඞ් පාකිස්තාන කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් පාකිස්තාන සංචිතයට එක්වීමට අවස්ථාව උදාකර ගත්තේය. එම තරගාවලියේදීම තුන් ඉරියව් දස්කම් දැක්වීමට මොහොමඞ් නවාස්ද සමත්විය.
පළමු තරගය 27 වැනිදාත්, දෙවැනි තරගය 29 වැනිදා සහ තෙවැනි තරගය ඔක්තෝබර් 2 වැනිදාත් කරච්චිහිදී පැවැත්වේ.
පාකිස්තාන සංචිතය
සර්ෆ්‍රරාස් අහ්මඞ් (නායක), බාබර් අසාම්, අබිඞ් අලී, අසිෆ් අලී, ෆඛාර් සමාන්, හැරිස් සොහෙල්, මොහොමඞ් හස්නයින්, ඉෆ්තිකාර් අහ්මඞ්, ඉමාඞ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඞ් අමීර්, මොහොමඞ් නවාස්, මොහොමඞ් රිස්වාන්, ශදාබ් ඛාන්, උස්මාන් ඛාන් සහ වහබ් රියාස්.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.