Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කගිසෝ රබාඩා (73/4) සහ මාර්කෝ ජැන්සන්ගේ (55/3) පන්දු යැවීම හමුවේෙ කේප්ටවුන්හිදී අද (11 වැනිදා) ආරම්භවූ තෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 223 ක් පමණි.
නායක විරාට් කෝලී හුදකලා සටනක නිරත වෙමින් හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 79 ක් රැස් කිරීමට සමත්විය. රිෂාබ් පාන්ට් ලකුණු 27 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 141 ක් රැස්කර සිටි ඉන්දීය කණ්ඩායමේ ඉතිරි කඩුලු 6 තවත් ලකුණු 82 ක් තුළ දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නේ සමත්වූහ.
ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 33 ක් තුල පිටියෙන් ඉවත් කිරීමට දකුණු අප‍්‍රිකානු වේගපන්දු යවන්නෝ සමත්වූහ. ලෝකේෂ රාහුල් ලකුණු 12 කට පිටියෙන් ඉවත් කිරීමට ඩුවෑන් ඔලිවර් සමත්වූ අතර මයන්ක් අගර්වාල් ලකුණු 15 කට දවා ගැනීමට කගිසෝ රබාඩා සමත්විය.
තෙවැනි කඩුල්ල සඳහා එක්වූ චෙතේෂ්වර් පුජාරා සහ විරාට් කෝලී ඉන්දීය පළමු ඉනිම සඳහා ලකුණු 62 ක් එක් කිරීමට සමත්වූ අතර මාකෝ ජැන්සන්ගේ පන්දුවක් හමුවේ චෙතේෂ්වර් පුජාරා දැවී යාමත් සමගින් එම සම්බන්ධතාවට තිත තැබුණි.
පන්දු 77 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි චෙතේෂ්වර් පුජාරා හතරේ පහර 7 ක් සමගින් ලකුණු 43 ක් ලබාගැනීමට සමත්විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ කගිසෝ රබාඩා කඩුලු 4 ක් සහ මාර්කෝ ජැන්සන් කඩුලු 3 ක් දවාගනිමින් ඉන්දීය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
තරගයේ පළමු දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි දකුණු අප්‍රිකානු පිල ලකුණු 17 කට එක් කඩුල්ලක් අහිමිකර ගත්තේය.
ඒඩ්න් මාක්‍රම් ලකුණු 8 ක් සහ කේෂව් මහරාජ් ලකුණු 6 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
ඉන්දියා පළමු ඉනිම - සියලුදෙනා දැවී 223
(චෙතේෂ්වර් පුජාරා 43, විරාට් කෝලී 79, රිෂාබ් පාන්ට් 27, කගිසෝ රබාඩා 73/4, මාර්කෝ ජැන්සන් 55/3)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුල්ලක් දැවී 17
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.