Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දීය කාන්තාවෝ තරගාවලියෙන් ඉවතට
කාන්තා ලෝක කුසලාන - 2022

ඉන්දීය කාන්තාවෝ තරගාවලියෙන් ඉවතට

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම ඉන්දියාවට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 275 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කඩුලු 7 ක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ. පන්දු 63 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කළ මිග්නන් ඩු ප්‍රීස්, අවසන් පන්දුවට එක් ලකුණක් ලබාගනිමින් දකුණු අප්‍රිකාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.  

මෙවර තරගාවලියේදී පස්වැනි වරටත් අර්ධ ශතකයක් ලබාගත් ආරම්භක පිතිකාරිණී ලෝරා වුල්වාර්ඩ්ට්, දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 79 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 80 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවාය. ලාරා ගෝඩෝල් (49) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 133 කදී ලකුණු 125 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලෝරා සමත් වූවාය. පන්දු 69 කදී වාර්තා වූ ලාරාගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 274 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ මිතාලි රාජ් පන්දු 84 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 68 ක් රැස්කළාය. එම අර්ධ ශතකයත් සමග ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලාන තරගයකදී අර්ධ ශතකයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩිකාව ලෙසද මිතාලි වාර්තා අතරට එක්වූවාය.

ශෆාලි වර්මා (53) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්මිත්‍රි මන්ධනා (71), ඉන් නොනැවතී මිතාලි රාජ් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවාය. එහිදී පන්දු 84 කට මුහුණදුන් මන්ධනා හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 46 කදී වාර්තා වූ ශෆාලිගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.


ඉන්දීය කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 274
(ස්මිත්‍රි මන්ධනා 71, ශෆාලි වර්මා 53, මිතාලි රාජ් 68, හර්මන්ප්‍රීත් කෞර් 48, මසබටා ක්ලාස් 38/2, ශබ්නිම් ඉස්මයිල් 42/2)

දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු කඩුලු 7 ක් දැවී 275
(ලෝරා වුල්වාර්ඩ්ට් 80, ලාරා ගෝඩෝල් 49, සුනී ලූස් 22, මිග්නන් ඩු ප්‍රීස් නොදැවී 52, මැරිසේන් කේප් 32, කෝල් ට්‍රයොන් 17, හර්මන්ප්‍රිත් කෞර් 42/2, රාජේෂ්වරී ගයික්වාඩ් 61/2)  

-036

 


අදහස් (0)

ඉන්දීය කාන්තාවෝ තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.