Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු සැසියකට සහභාගි වීමේ අවස්ථාව අද (11 වැනිදා) සන්ධ්‍යාව වන තුරුත් අහිමි වී තිබිණ. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 6 වැනිදා එංගලන්තයේ සිට පැමිණියද කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය තුළ කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුවීම හේතුවෙන් කණ්ඩායම තවමත් පුහුණුවීම් ආරම්භ කර නැත.
එහෙත් සති දෙකකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රැඳී සිටින, ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම මේ වන විට හොඳින් පුහුණුවීම් කරමින් තරගාවලිය සඳහා පූර්ණ සූදානමකින් සිටී.
ශීකර් ධවාන්ගේ සහ බුවනේශ්වර් කුමාර්ගේ කණ්ඩායම් අතර පුහුණු තරග 2 ක් පසුගියදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එම තරග වලදී හර්දික් පාණ්ඩ්‍යා, සුර්යකුමාර් යාදව්, ප්‍රිත්වි ෂෝ, රුතුරාජ් ගයික්වාඩ් යන පිතිකරුවෝ සාර්ථක දස්කම් පෙන්වමින් සිටියහ.
දැනට ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ඉන්දීය කණ්ඩායම දෙවන පෙළ කණ්ඩායමක් යැයි විවිධ අදහස් පළවූ නමුත් ඔවුන් සතුව පළපුරුදු මෙන්ම දස්කම් සපිරි තරුණ ක්‍රීඩකයෝ රැසක්ම සිටිති. අත්දැකීම් අනුව නායක ශිකාර් ධවාන්, හර්දික් පාණ්ඩ්‍යයා සහ බුවනේෂ්වර් කුමාර් ඉදිරියෙන් සිටියද කෘනාල් පාණ්ඩ්‍යයා, සූර්යකුමාර් යාදව්, යුස්වේන්ද්‍ර චහාල් සහ කුල්දීප් යාදව් සංචිතයේ පෙරමුණ ගෙන කටයුතු කරති.
තවමත් එක්දින වරම් දිනාගෙන නැතත්, ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ දේව්දූත් පඩික්කල්, රුතුරාජ් ගයික්වාඩ්, චේතන් සකාරියා වැනි බොහෝ තරුණ ක්‍රීඩකයෝ අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටිති.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රවී ශාස්ත්‍රී මහතා ටෙස්ට් කණ්ඩායම සමගින් තරග 5 කින් සමන්විත තරගාවලියක් සඳහා එංගලන්තයට ගොස් තිබේ. එහෙත් ඉන්දීය පිලේ හිටපු නායකයකු වන රාහුල් ද්‍රාවිඩ් මහතා ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය සීමිත ඕවර කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි.
ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායමට ඇති එකම ද්විපර්ශ්වික විස්සයි-20 අන්තර්ජාතික තරගාවලිය මෙයයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ලෝක කුසලාන තරගාවලියේ ස්ථානයක් වෙන්කර ගැනීම සඳහා උත්සහයක් දැරීමට පුළුවන.
ඉන්දීය කණ්ඩායම පුහුණු සැසියේදී...
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.