Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උඩපන්දු හතරක්ම බිම දැමූ නමුත් එයින් අලාභයක් සිදු නොවීමට වගබලාගත් ඉන්දීය පිතිකරුවෝ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති ආසියානු කුසලාන සුපිරි 4 දෙනාගේ වටයේ තරගයකදී පාකිස්තානය පරදවා කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්හ.
ලකුණු 172 ක ඉලක්කය කරා යාම අභිෂේක් ෂර්මා විසින් ආරම්භ කරන ලද්දේ ශහීන් ෂා අෆ්රිඩි එවූ මුල්ම පන්දුවට හයේ පහරක් ගසමිනි. එතැන් සිට පන්දු 39 කින් ලකුණු 74 ක් ලබාගත් අභිෂේක්ගේ පිතිහරඹය හයේ පහර 5 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විණ. පළමු වැනි කඩුල්ල සඳහා පන්දු 59 කින් ලකුණු 105 ක් එක්කළ අභිෂේක් සහ ෂුබ්මන් ගිල් දෙදෙනා මැද පෙළ පිතිකරුවන්ට කරන්නට වැඩි යමක් ඉතිරි නොකළහ.
කයිවාරුකාරයා වන සූරියකුමාර් යාදව් ලකුණු නොලබා දැවී ගිය නමුත් පන්දු 5 ක් ඉතිරිව තිබියදීම තරගය අවසන් කිරීමට තිලක් වර්මා වගබලා ගත්තේය.
වසර 2007 දී ආරම්භ වූ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති විස්සයි-20 තරග 14 කින් ඉන්දියානුවෝ තරග 11 ක්ම ජයගෙන සිටිති. පාකිස්තානය සතුව ඇත්තේ තරග 3 ක ජය පමණි.
ලකුණු 22 ක් ඇතුළත පිතිකරුවන් තිදෙනකු දැවී යාම නිසා පාකිස්තානු ඉනිම කිසියම් දෙදරීමකට හසුවූ නමුත් ධෛර්යවත්ව පිතිහරඹයේ යෙදුණ් පාකිස්තානුවෝ කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් ලබාගත්හ. එය විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී පාකිස්තානු කණ්ඩායමක් ඉන්දියාව හමුවේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දියානුවෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්හ. පන්දු 9 කින් ලකුණු 15 ක් ලබාගත් පාකිස්තානු ආරම්භක පිතිකරු ෆකර් සමාන් තුන්වැනි ඕවරයේදීම දැවී ගියත් සහීබ්සාදා ෆර්හාන් (58) සහ සයිම් අයුබ් (21) එක්ව 10 වැනි ඕවරය වන විට 91 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 11 වැනි ඕවරයේදී සයිම් අයුබ් දැවී ගිය අතර පන්දු 22 ක් ඇතුළත පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූ ඉන්දිය ක්‍රීඩකයෝ ලකුණු ගලා ඒම තරමක් දුරට පාලනය කරගත්හ.
පන්දු 45 කින් ලකුණු 58 ක් ලබාගත් සහීබ්සාදා ෆර්හාන් දැවී ගියේ සිය පිත්තේ ග්‍රහණය ගිළිහී යාමෙනි. පිට ඉන්නට එපිටින් පැමිණි පන්දුවට වැරෙන් පහරක් ගැසීමට ගිය සහීබ්සාදා ෆර්හාන්ගේ පිත්ත ‘ස්ක්වෙයාර් ලෙග්’ කලාපයට විසිවී යද්දී උඩපන්දුව අනෙක් අතට ගියේය. මිඩ් ඕෆ් හි සිටි සූර්යකුමාර් යාදව්ට එය පහසු උඩපන්දුවක් විය.
ඉන්දීය පන්දු රකින්නන් වෙතින් උඩපන්දු 4 ක් ගිළිහී යාම අදහාගන්නට බැරි තරම් විය. 17 වැනි ඕවරයේදී යලි ප්‍රාණවත් වූ නායක අඝා ෂල්මාන් තරගයට නව තාලයක් එක්කළ අතර අවසන් ඕවරයේදී හර්දික් පාණ්ඩ්‍යාගෙන් ලකුණු 14 ක් උදුරාගත් ෆාහිම් අශ්රෆ් පාකිස්තානු පිල ලකුණු 171 ක් කරා කැඳවාගෙන ගියේය.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 5 ට 171 යි
(සහීබ්සාදා ෆර්හාන් 58, ෆකර් සමාන් 15, සයිම් අයුබ් 21, හුසේන් තලාත් 10, මොහොමඩ් නවාස් 21, ෂල්මන් අඝා නොදැවී 17, ෆාහිම් අශ්රෆ් නොදැවී 20, ශිවම් ඩුබේ 33/2)
ඉන්දියාව - ඕවර 18.5 කදී කඩුලු ට 174 යි
(අභිෂේක් ෂර්මා 74, ෂුබ්මන් ගිල් 47, තිලක් වර්මා නොදැවී 30, සංජු සැම්සන් 13, හාරිස් රවුෆ් 26/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.