Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව ලකුණු 32 ක් ඉදිරියෙන්

ඉන්දියාව ලකුණු 32 ක් ඉදිරියෙන්

editorial - 2021 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එංගලන්තයේ සදම්ප්ටන් නුවර රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ පස්වැනි දිනය වූ අද (22 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දියාව ලකුණු 64 කට කඩුලු 2 ක් අහිමි කරගෙන සිටියේය. ඒ අනුව නවසීලන්තය පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 32 ක් ඉදිරියෙන් සිටීමට ඉන්දියාවට හැකි විය.

චෙතේෂ්වර් පුජාරා නොදැවී ලකුණු 12 ක් සහ විරාට් කෝලී නොදැවී ලකුණු 8 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටින නමුත් තරගය පරාජයෙන් ගලවා ගැනීම සඳහා මොවුන් දෙදෙනා එක්ව ඉනිම ගොඩනැගීම බොහෝ සෙයින් වැදගත් වනු ඇත.

ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා ලකුණු 30 ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 8 ක් ලබාසිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් පිටියෙන් ඉවත් කිරීමට ටිම් සෝතී සමත්විය.

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. නායක කේන් විලියම්සන් ලකුණු 49 ක්, කයිල් ජේමිසන් ලකුණු 21 ක් සහ ටිම් සෝතී ලකුණු 30 ක් රැස් කරමින් ඉන්දියාව පළමු ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 32 ක් ඉදිරියෙන් තැබීමට සමත්වූහ.

අද තරගය ආරම්භ කිරීමට පෙර ලකුණු 101 කට කඩුලු 2 ක් පමණක් අහිමිකර ගනිමින් තරගයේ පාලනය සියතට ගෙන සිටි නවසීලන්ත කණ්ඩායට දිවා ආහාරයට පෙර ලකුණු 34 ක් තුල කඩුලු 3 ක් අහිමිව ගියේය.  

හෙන්රි නිකල්ස් ලකුණු 7 කට පිටියෙන් ඉවත් කිරීමට ඉෂාන්ත් ෂර්මා සමත්වූ අතර රොස් ටේලර් ලකුණු 11 කට සහ බී.ජේ.වොට්ලිංග් ලකුණකට පිටියෙන් ඉවත් කිරීමට මොහොමඩ් ශාමී සමත්විය.

ඉන්දියාව - පළමු ඉනිම සියලුදෙනා දැවී 217
නවසීලන්තය - පළමු ඉනිම
සියලුදෙනා දැවී 249
(ටොම් ලේතම් 30, ඩෙවොන් කෝන්වේ 54, කේන් විලියම්සන් 49, කයිල් ජේමිසන් 21, ටිම් සෝතී 30, ඉෂාන්ත් ෂර්මා 48/3, මොහොමඩ් ශාමී 76/4, රවිචන්ද්‍රන් අශ්වින් 28/2) 

ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 2 ක් දැවී 64

(රෝහිත් ෂර්මා 30, චෙතේෂ්වර් පුජාරා නොදැවී 12, විරාට් කෝලී නොදැවී 8, ටිම් සෝතී 17/2)

-2079


අදහස් (1)

ඉන්දියාව ලකුණු 32 ක් ඉදිරියෙන්
  • janahitha Tuesday, 22 June 2021 10:08 PM

    තියන ප්‍රශ්න මදිවට ක්‍රිකට් ප්‍රශ්නත්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.