Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව යළිත් අපරාජිතව පෙරමුණට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඉන්දියාව යළිත් අපරාජිතව පෙරමුණට

editorial - 2023 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද පූනේ නුවර සිට..)

‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි දකුණු අප්‍රිකාව පියවරක් පසුපසට ඇද දමිමින් යළිත් වරක් අපරාජිතව පෙරමුණ ගැනීමට ඉන්දියාව අද (29 වැනිදා) සමත් විය. එංගලන්තයට එරෙහිව අද පැවැති තරගයේදී ලකුණු 100 ක ජයක් වාර්තා කිරීමත් සමග ඉන්දියාව යළිත් වරක් ලකුණු සටහනේ පෙරමුණ ගත්තේය.

මේ වන විට ඉන්දියාව සහභාගි වූ තරග 6 ම ජයගෙන ලකුණු 12 ක් ලබා තරගාවලිය පුරා සිය අණසක පතුරවමින් සිටියි. ඉන්දියාවට වඩා පියවරක් පසුපසින් සිටින දකුණු අප්‍රිකාව තරග 5 ක් ‍ජයගෙන එක් පරාජයක් ලබා ලකුණු 10 ක් සමගින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇත. නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවන්නේ තරග 4 බැගින් ජය ගනිමිනි.

ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවන්නේ තරග 2 ක් ජයගනිමිනි. ඇෆ්ඝනිස්ථානයට එරෙහිව හෙට (30 වැනිදා) පැවැත්වෙන තරගය ජයගත්තද, ශ්‍රී ලංකාවට ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. 

පාකිස්තානය, ඇෆ්ඝනිස්ථානය සහ නෙදර්ලන්තය පිළිවෙලින් හයවැනි, හත්වැනි සහ අටවැනි ස්ථානවල පසුවන්නේද ජයග්‍රහණ 2 බැගින් වාර්තා කරමිනි.


අදහස් (0)

ඉන්දියාව යළිත් අපරාජිතව පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.