Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව දඩ කයි

ඉන්දියාව දඩ කයි

editorial - 2022 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිකුරාදා (22 වැනිදා) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී නියමිත වේලාව තුළ ඕවර සංඛ්‍යාව යවා නිම කිරීමට අපොහසත් වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරග මුදලින් 20% ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා පියවර ගෙන ඇත.

එම තරගයේදී ඉන්දිය කණ්ඩායම නියමිත කාලය අවසන් වන විට එක් ඕවරයක් අඩුවෙන් යවා තිබීම හේතුවෙන් තරග තීරකවරයා ලෙස කටයුතු කළ රිචී රිචඩ්සන් මහතා ඔවුන්ට මෙම දඩ මුදල නියම කර ඇත.

අන්තර් ජාතික ක්‍රිකට් සභාව ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ සහායක පිරිස් වෙනුවෙන් වෙනුවෙන් හඳුන්වා දී ඇති ආචාර්ය ධර්ම පද්ධතියේ වගන්ති අංක 2.22 ට අනුව මෙම වරද වෙනුවෙන් කණ්ඩයාමකට සිය තරග ගාස්තුවෙන් 20% ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයාට හැකියාව තිබේ.

එහිදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ශිකර් ධවාන් සිය කණ්ඩායම වෙනුවෙන් වරද පිළිගෙන ඇති බැවින් ඒ සඳහා වැඩිදුර පරීක්ෂණයක් නොපැවැත්වෙනු ඇතැයි තරග තීරකවරයා තහවුරු කරයි.  

පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ජෙයෙල් විල්සන්, ලෙස්ලි රිෆයර්, තෙවැනි විනිසුරු ග්‍රෙගරි බ්‍රැත්වේට් සහ සිවුවැනි විනිසුරු නයිජල් ඩගයිඩ් මෙම සිදුවීම පිළිබඳව තරග තීරකවරයාට පැමිණිළි කර ඇත.

-036


අදහස් (0)

ඉන්දියාව දඩ කයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.