Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව දඩ කයි
සෙන්චූරියන් ටෙස්ට් තරගය

ඉන්දියාව දඩ කයි

editorial - 2022 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී මන්දගාමී  පන්දු යැවීෙමේ වේගයක් රඳවාගැනීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරග ගාස්තුවෙන් 20% ක දඩයක් ගෙවීමට සිදුව තිබේ.  

තරගයේ නියමිත වේලාව තුළ යැවිය යුතු  ඕවර සංඛ්‍යාවට වඩා  ඕවරයක් අඩුවෙන් යවා තිබීම හේතුවෙන් එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ඇන්ඩෘ පයික්‍රෙෆ්ට් මහතා ඉන්දියාවට එරෙහිව එම දඩය නියම කර ඇත.

අන්තර් ජාතික කි‍්‍රකට් සභාව විසින් කී‍්‍රඩකයන් සහ ඔවුන්ගේ සහයක පිරිස් වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබ ඇති නීති පද්ධතියේ 2.22 වගන්තිය යටතේ මෙම වරද සඳහා කී‍්‍රඩකයන්ට තරග ගාස්තුවෙන් 20% සිට ඉහළට දඩ පැනවිය හැකිය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග කොන්දේසි මාලාවේ 16.11 වගන්තියට අනුව කණ්ඩායමක් නියමිත වේලාව තුළ යැවීමට අසමත්වන  ඕවරයකට එක් දඬුවම් ලකුණු බැගින් හිමිවනු ඇත. ඒ අනුව ඉන්දියාවට දඩ මුදලට අමතරව එක් දඬුවම් ලකුණක්ද හිමිවිය.

ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි සිය කණ්ඩායම වෙනුවෙන් වරද පිළිගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් නොපැවැත්වෙනු ඇත. මේරියස් එරැුස්මස්, ඇන්ඩි‍්‍රයන් හෝල්ඞ්ස්ටොක්, අලහුඞීන් පලීකර් සහ බොන්ගානි ජේල් යන මහත්වරු මෙම තරගයේ විනිසුරුවෝ ලෙස කටයුතු කළහ.

-036

 


අදහස් (0)

ඉන්දියාව දඩ කයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.