Last Update  :  2024-05-12 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව 4-1 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඉන්දියාව 4-1 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

editorial - 2023 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවට එරෙහිව බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති පස්වැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් ලැබූ ඉන්දියාව, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් ලබාගත හැකි වූයේ ලකුණු 154 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුකේෂ් කුමාර් ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බෙන් මැක්ඩමොට් පන්දු 36 කදී හයේ පහර 5 ක් සමග ලකුණු 54 ක් රැස්කිරීමට සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ආරම්භ පිතිකරු ට්‍රැවීස් හෙඞ් පන්දු 18 කින් ලකුණු 28 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ ශ්‍රෙයාස් අයියර්, හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 53 ක් රැස්කළේය. අක්සර් පටේල් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක් රැස්කිරීමට සමත් විය. 


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 8 කට 160
(යසස්වි ජයිස්වාල් 21, ශ්‍රෙයාස් අයියර් 53, ජිතේෂ් ශර්මා 24, අක්සර් පටේල් 31, බෙන් ඞ්වෝෂුයිස් 30/2, ජේසන් බෙරන්ඩෝෆ් 38/2) 

ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 8 කට 154 
(ට්‍රැවීස් හෙඞ් 28, බෙන් මැක්ඩමොට් 54, ටිම් ඬේවිඞ් 19, මැතිව් ෂෝට් 16, මැතිව් වේඞ් 22, මුකේෂ් කුමාර් 32/3, රවී බිෂ්නෝයි 29/2, අර්ෂ්දීප් සිං 40/2) 

-036 


අදහස් (0)

ඉන්දියාව 4-1 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.