Last Update  :  2025-08-15 14:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව 2-0 කින් ශ්‍රී ලංකාව පරදවයි
සජීවි විස්තර

ඉන්දියාව 2-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

editorial - 2020 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

.............................................................................................................................

ඒ අනුව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියෙන් 2-0 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

.............................................................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පූනේහිදී අද (10 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 78 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 

.............................................................................................................................

ඕවර 15.5 - 123/10

නව්දීප් සානිගේ පන්දුවක් හමුවේ මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි විරාට් කෝලි අතට උඩ පන්දුවක් දෙමින් ලසිත් මාලිංග ලකුණු නොළබා දැවී යයි.

.............................................................................................................................

ඕවර 15.3 - 122/9

නව්දීප් සානිගේ පන්දුවක් හමුවේ තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ජස්ප්‍රීට් බුම්රා අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය ද සිල්වා ලකුණු 57 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 8 යි)

.............................................................................................................................

ඕවර 15.2 - 122/8

කඩුල්ලෙන් තුළට ඇදී ආ නව්දීප් සානිගේ පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 14.6 - 118/8

වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් හමුවේ සංජු සැම්සන්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ලක්ෂාන් සඳකැන් එක් ලකුණකට දැවී යයි.

.............................................................................................................................

ඕවර 14.3 - 115/7

පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ධනංජය ද සිල්වා සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

.............................................................................................................................

ඕවර 13.5 - 110/7

පන්දු 2 කදී මුහුණදී සිටි වනිඳු හසරංග ලකුණු ලබාගැනීමට මත්තෙන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට යුස්වේන්ද්‍ර චාහල් සමත් විය.

.............................................................................................................................

ඕවර 13.3 - 110/6

ශර්ධුල් ඨාකුර්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක ලකුණු 9 කට දැවී යයි. (හයේ පහර 1 යි)

.............................................................................................................................

ඕවර 12.5 - 108/5

කඩුල්ලෙන් තුළට ඇදී ආ යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දුවට දසුන් ශානකගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 12.2- 101/5

යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්. පන්දුව හතරේ සීමාව කරා ඇදී යයි.

.............................................................................................................................

ඕවර 11.2 - 94/5

වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් හමුවේ මනීෂ් පාණ්ඩේ අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 කට දැවී යයි. (හයේ පහර 3 යි, හතරේ පහර 1 යි)

.............................................................................................................................

ඕවර 11.1 - 94/4

කඩුල්ල තුළට පැමිණි වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 10.5 - 88/4

පැයට කිලෝ මීටර් 143.2 ක වේගයෙන් පැමිණි නව්දීප් සානිගේ පන්දුවට ධනංජය ද සිල්වාගෙන් තර්ඩ් මෑණ් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 10.1 - 82/4

නව්දීප් සානිගේ පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්. පන්දුව හතරේ සීමාව කරා ඇදී යයි.

.............................................................................................................................

ඕවර 9.1 - 73/4

යුස්වේන්ද්‍ර චාහල්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවටද ධනංජය ද සිල්වාගෙන් ලෝන් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 8.6 - 67/4

කඩුල්ලෙන් පිටතට ඇදී ගිය වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් තවත් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 8.4 - 60/4

වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවට ධනංජය ද සිල්වාගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 8.2 - 55/4

කඩුල්ල තුළට ඇදී ආ වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 7.1 - 43/4

යුස්වේන්ද්‍ර චාහල්ගේ පළමු පන්දුවටම ධනංජය ද සිල්වාගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 7 - 39/4

සිය පළමු ඕවරය ලකුණු 4 කට සීමා කිරීමට වොෂින්ටන් සුන්දර් සමත් විය.

.............................................................................................................................

ඕවර 5.6 - 35/4

නව්දීප් සානිගේ කෙටි පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 5.2 - 31/4

කඩුල්ලෙන් පිටතට ඇදී ගිය නව්දීප් සානිගේ පන්දුවට ධනංජය ද සිල්වාගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 5.1 - 26/4

නව්දීප් සානිගේ යෝකර් පන්දුව කඩුල්ලේ වැදීමෙන් කුසල් පෙරේරා ලකුණු 7 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

.............................................................................................................................

ඕවර 4.3 - 26/3

කඩුල්ලට ඉහළින් ඇදී ආ ශර්ධුල් ඨාකුර්ගේ පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 4.3 - 21/3

කඩුල්ල එල්ලයේ පතිත වූ ශර්ධුල් ඨාකුර්ගේ පන්දුවට කුසල් පෙරේරාගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 4 - 15/3

සිය දෙවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත් කිරීමට ජස්ප්‍රීට් බුම්රා සමත් විය.

.............................................................................................................................

ඕවර 3.1 - 15/3

පන්දු 5 කදී ලකුණු 2 ක් ලබා සිටි ඕෂධ ප්‍රනාන්දු දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මනීෂ් පාණ්ඩේ සමත් විය.

.............................................................................................................................

ඕවර 3 - 15/2

සිය පළමු ඕවරය ලකුණු 3 කට සීමා කිරීමට නව්දීප් සානි සමත් විය.

.............................................................................................................................

ඕවර 1.3 - 11/2

ශර්ධුල් ඨාකුර්ගේ පන්දුවක් හමුවේ ශෙයාස් අයියර් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 9 කට දැවී යයි. (හයේ පහර 1 යි)

.............................................................................................................................

ඕවර 1.2 - 11/1

කඩුල්ල එල්ලයේ පතිත වූ ශර්ධුල් ඨාකුර්ගේ පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 0.6 - 05/1

ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ වොෂින්ටන් සුන්දර් අතට උඩ පන්දුවක් දෙමින් ධනුෂ්ක ගුණතිලක ලකුණු 2 කට දැවී යයි.

.............................................................................................................................

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා ධනුෂ්ක ගුණතිලක සමග අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා සූදානම්.

.............................................................................................................................

ඕවර 20 - 201/6

ඕවර 20 අවසානයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබාගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හිමිවෙයි.

.............................................................................................................................

ඕවර 19.5 - 199/6

කඩුල්ලට ඉහළින් ඇදී ආ ළහිරු කුමාරගේ පන්දුවට මනීෂ් පාණ්ඩේගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 19.3 - 194/6

කඩුල්ලෙන් පිටතට ඇදී යන ළහිරු කුමාරගේ පන්දුවට ශර්දුල් ඨාකුර්ගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 19.2 - 190/6

කඩුල්ල එල්ලයේ පතිත වූ ළහිරු කුමාරගේ පන්දුවට ශර්දුල් ඨාකුර්ගෙන් විනිසුරුගේ හිසට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 18.4 - 180/6

කඩුල්ලෙන් පිටතට ඇදී යන ලසිත් මාලිංගගේ පන්දුවට මනීෂ් පාණ්ඩේගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 18.1 - 173/6

කඩුල්ලෙන් පිටතට ඇදී යන ලසිත් මාලිංගගේ පන්දුවට මනීෂ් පාණ්ඩේගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 17.4 - 164/6

ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ලක්ෂාන් සඳකැන් අතට උඩ පන්දුවක් දෙමින් වොෂින්ටන් සුන්දර් ලකුණු නොළබා දැවී යයි.

.............................................................................................................................

ඕවර 17.3 - 164/5

පන්දු 17 කදී ලකුණු 26 ක් ලබා සිටි විරාට් කෝලි දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ධනුෂ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා සමත් වූහ. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)

.............................................................................................................................

ඕවර 17.1 - 162/4

කඩුල්ට ඉහළින් ඇදී ආ ළහිරු කුමාරගේ පන්දුවට මනීෂ් පාණ්ඩේගෙන් ඩීප් මිඩ්විකට් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 16.5 - 156/4

ඇන්ජලෝ මැතිව්ස්ගේ පුල්ටොස් පන්දුවට විරාට් කෝලිගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 16.2 - 150/4

කඩුල්ල එල්ලයේ පතිත වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවට විරාට් කෝලිගෙන් විනිසුරුගේ හිසට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 16 - 142/4

සිය අවසන් ඕවරය ලකුණු 4 කට සීමා කිරීමට වනිඳු හසරංග සමත් වෙයි.

.............................................................................................................................

ඕවර 14.1 - 134/4

තනතීරුව මැද පතිත වූ ලක්ෂාන් සඳකැන්ගේ කෙටි පන්දුවට විරාට් කෝලිගෙන් ලෝන් ඔන් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 13.6 - 130/4

පිට ඉන්න එල්ලයේ පතිත වූ ළහිරු කුමාරගේ පන්දුවට මනීෂ් පාණ්ඩේගෙන් ලෝන් ඔෆ් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 12.5 - 122/4

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් ශ්‍රෙයාස් අයියර් ලකුණු 4 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

.............................................................................................................................

ඕවර 12.4 - 122/3

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවට ශ්‍රෙයාස් අයියර්ගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 12.3 - 118/3

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ කුසල් පෙරේරාගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ලොකේෂ් රාහුල් ලකුණු 54 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 5 යි)

.............................................................................................................................

ඕවර 12.2 - 118/2

කඩුල්ලෙන් පිටතට ඇදී ගිය ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 12.1 - 114/2

පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලෝකේෂ් රාහුල් සිය 9 වැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

.............................................................................................................................

ඕවර 11.5 - 111/2

වනිඳු හසරංගගේ පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් ඩීප් මිඩ්විකට් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 11.4 - 106/2

වනිඳු හසරංගගේ පන්දුවක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් සංජු සැම්සන් ලකුණු 6 කට දැවී යයි. (හයේ පහර 1 යි)

.............................................................................................................................

ඕවර 10.6 - 103/1

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවට සංජු සැම්සන්ගෙන් ලොන් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 10.5 - 97/1

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ ඩිප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් දෙමින් ශිකර් ධවාන් ලකුණු 52 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 7 යි)

.............................................................................................................................

ඕවර 10.2 - 94/0

පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ශිකර් ධවාන් සිය 10 වැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

.............................................................................................................................

ඕවර 9.1 - 88/0

කඩුල්ල තුළට ඇදී ආ වනිඳු හසරංගගේ පන්දුවට ශිකර් ධවාන්ගෙන් ඩීප් මිඩ්විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 9 - 82/0

සිය පලමු ඕවරය ලකුණු 6 කට සීමා කිරීමට ලක්ෂාන් සඳකැන් සමත් වෙයි.

.............................................................................................................................

ඕවර 8 - 76/0

සිය පලමු ඕවරය ලකුණු 4 කට සීමා කිරීමට වනිඳු හසරංග සමත් වෙයි.

.............................................................................................................................

ඕවර 6.3 - 71/0

ඇන්ජලෝ මැතිව්ස්ගේ කෙටි පන්දුවට ශිකර් ධවාන්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා  හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 5.3 - 61/0

පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය ළහිරු කුමාරගේ පන්දුවට ශිකර් ධවාන්ගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 5.2 - 57/0

ළහිරු කුමාරගේ බවුන්සර් පන්දුවට ශිකර් ධවාන්ගෙන් තර්ඩ් මෑන් කළාපය හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 4.6 - 52/0

පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය ලසිත් මාලිංගගේ පන්දුවට ශිකර් ධවාන්ගෙන් මිඩ් ඕන් කළාපය හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 4.3 - 46/0

ශිකර් ධවාන්ගේ පිත්තේ පිටත දාරයේ වැදුණ ලසිත් මාලිංගගේ පන්දුව තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ සීමාව වෙත ඇදී යයි.

.............................................................................................................................

ඕවර 3.5 - 38/0

ධනංජය ද සිල්වාගේ පුල්ටොස් පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

.............................................................................................................................

ඕවර 3.2 - 31/0

කඩුල්ල තුළට ඇදී ආ ධනංජය ද සිල්වාගේ පන්දුවට ශිකර් ධවාන්ගෙන් මිඩ් ඕන් කළාපය  තවත් හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 3 - 26/0

සිය දෙවැනි ඕවරය ලකුණු 4 කට සීමා කිරීමට ලසිත් මාලිංග සමත් වෙයි.

.............................................................................................................................

ඕවර 0.6 - 22/0

පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය මැතිව්ස්ගේ පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 0.5 - 18/0

පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය මැතිව්ස්ගේ පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඕවර 0.3 - 13/0

ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ ශිකර් ධවාන් ලබාදුන් උඩ පන්දුවක් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි දසුන් ශානක අතින් ගිළිහෙයි. පන්දුව හතරේ සීමාව කරා ඇදී යයි.

.............................................................................................................................

ඕවර 0.6 - 09/0

පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය ලසිත් මාලිංගගේ පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

.............................................................................................................................

ඉන්දීය ඉනිම ආරම්භ කිරීම සඳහා ලෝකේෂ් රාහුල් සමග ශිකර් ධවාන් පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සූදානම්.

.............................................................................................................................

කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් අවසන් වරට විස්සයි20 ජාත්‍යන්තර තරගයකට සහභාගි වී ඇත්තේ 2015 වසරේදීය. ඒ අනුව ඔහු යළිත් ඉන්දීය කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ වසරේ 4 කට පසුවය.

.............................................................................................................................

පළමු තරගයට ක්‍රීඩ නොකළ ඇන්ජලෝ මැතිව්ස් සහ ලක්ෂාන් සඳකැන් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර සංජු සැම්සන්, මනීෂ් පාණ්ඩේ සහ යුස්වේන්ද්‍ර චාහල් ඉන්දීය කණ්ඩායමට ඇතුළත්ව සිටිති. 

.............................................................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායම

ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර

.............................................................................................................................

ඉන්දීය කණ්ඩායම

විරාට් කෝලි (නායක), ලොකේෂ් රාහුල්, ශිකර් ධවාන්, ශ්‍රෙයාස් අයියර්, සංජු සැම්සන්, මනීෂ් පාණ්ඩේ, වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහල්, ශර්දුල් ඨාකූර්, නව්දීප් සානි සහ ජස්ප්‍රීට් බුම්රා

.............................................................................................................................

මෙම තනතීරුව පන්දුවට පහරදීම සඳහා වඩාත් යෝග්‍ය තනතීරුවක් බව ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක සුනිල් ගවස්කාර් පවසයි.

.............................................................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පූනේහිදී අද (10 වැනිදා) පැවැත්වෙන තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.


අදහස් (0)

ඉන්දියාව 2-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.