Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
.............................................................................................................................
මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය කන්ඩායම සමත් විය.
.............................................................................................................................
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර ඉන්දෝර්හිදී අද (7 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීයාව සමත් විය.
.............................................................................................................................
ඕවර 17.3 - 144/3
ළහිරු කුමාරගේ පන්දුවට විරාට් කෝලිගෙන් ලෝන් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.
.............................................................................................................................
ඕවර 17.1 - 137/3
ළහිරු කුමාරගේ බවුන්සර් පන්දුවක් හමුවේ ඩීප් බැක්වඩ් ස්කුවෙයර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි දසුන් ශානක අතට උඩ පන්දුවක් දෙමින් ශ්‍රෙයාස් අයියර් ලකුණු 34 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 3 යි)
.............................................................................................................................
ඕවර 16.1 - 133/2
ලසිත් මාලිංගගේ පන්දුවට විරාට් කෝලිගෙන් ලොන්ග් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.
.............................................................................................................................
ඕවර 15.6 - 121/2
වනිඳු හසරංගගේ අවසන් පන්දුවට ශ්‍රෙයාස් අයියර්ගෙන් ලොන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.
.............................................................................................................................
ඕවර 15.5 - 115/2
වනිඳු හසරංගගේ පන්දුවට ශ්‍රෙයාස් අයියර්ගෙන් ස්වීපර් කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 15.2 - 109/2
වනිඳු හසරංගගේ පන්දුවට ශ්‍රෙයාස් අයියර්ගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 13.5 - 99/2
ළහිරු කුමාරගේ පන්දුවට ශ්‍රෙයාස් අයියර්ගෙන් විනිසුරුගේ හිසට ඉහළින් හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 11.2 - 86/2
වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ශිකර් ධවාන් ලකුණු 32 කට දැවී යයි. (හතරේ පහර 2 යි)
.............................................................................................................................
ඕවර 10.6 - 85/1
මැද ඉන්න එල්ලයේ පතිත වූ දසුන් ශානගේ පන්දුවට ශිකර් ධවාන්ගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 9.1 - 71/1
වනිඳු හසරංගගේ ගුග්ලි පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලෝකේෂ් රාහුල් ලකුණු 45 කට දැවී යයි. (හතරේ පහර 6 යි)
.............................................................................................................................
ඕවර 8.5 - 71/0
වේගය අඩාල කර යවන ලද දසුන් ශානගේ පන්දුවට ශිකර් ධවාන්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 4.3 - 48/0
ළහිරු කුමාරගේ පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 4.2 - 44/0
ළහිරු කුමාරගේ පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 3.2 - 33/0
කඩුල්ල තුළට ඇදී ආ ධනංජය ද සිල්වාගේ පන්දුවට රාහුල්ගෙන් එක්ස්ට්‍රා කවර් සහ මිඩ් ඕෆ් කළාප හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 2.2 - 24/0
මාලිංගගේ පන්දුවට රාහුල්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ තවත් පහරක්.
.............................................................................................................................
ඕවර 2.1 - 20/0
මාලිංගගේ පන්දුවට රාහුල්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 1.5 - 15/0
කඩුල්ල කෙළින් පතිත වූ ළහිරු කුමාරගේ පන්දුවට රාහුල්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 0.6 - 08/0
ධනුෂ්ක ගුණතිලකගේ වැරදි පන්දු යොමුකීරීමක් නිසා පන්දුව හතරේ සීමාව කරා ඇදී යයි.
.............................................................................................................................
ඉන්දීය ඉනිම ආරම්භ කිරීම සඳහා ලෝකේෂ් රාහුල් සමග ශිකර් ධවාන් පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සූදානම්.
.............................................................................................................................
ඕවර 20 - 142/9
ඕවර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 142ක් ලබාගත්තේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හිමිවනු ඇත.
.............................................................................................................................
ඕවර 19.6 - 142/9
වනිඳුගේ පිත්තේ පිටදාරයේ වැදුණ බුම්රාගේ බවුන්සර් පන්දුව කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ සීමාව කරා ඇදී යයි.
.............................................................................................................................
ඕවර 19.5 - 138/9
බුම්රාගේ පන්දුවට වනිඳුගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 19.4 - 134/9
බුම්රාගේ පන්දුවට වනිඳුගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 18.6 - 130/9
ශර්දුල් ඨාකුර්ගේ පන්දුවක් හමුවේ ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි කුල්දීප් යාදව් අතට උඩ පන්දුවක් දෙමින් ලසිත් මාලිංග ලකුණු නොළබා දැවී යයි.
.............................................................................................................................
ඕවර 18.5 - 130/8
ශර්දුල් ඨාකුර්ගේ පන්දුවක් හමුවේ කවර් කළාපයේ පන්දු රකිමින් සිටි නව්දීප් සානි අතට උඩ පන්දුවක් දෙමින් ඉසුරු උදාන එක් ලකුණකට දැවී යයි.
.............................................................................................................................
ඕවර 18.2 - 129/7
ශර්දුල් ඨාකුර්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ශිවම් ඩූබේ අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය ද සිල්වා ලකුණු 17 කට දැවී යයි. (හතරේ පහර 2 යි)
.............................................................................................................................
ඕවර 17.4 - 125/6
කඩුල්ල එල්ලයේ පතිත වූ පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්. පන්දුව විනිසුරුකරු පසුකරමින් හතරේ සීමව වෙත.
.............................................................................................................................
ඕවර 16.6 - 117/6
ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දසුන් ශානක ලකුණු 7 කට දැවී යයි.
.............................................................................................................................
ඕවර 15.6 - 113/5
පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය කුල්දීප් යාදව්ගේ පන්දුවට ධනංජයගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 14.5 - 104/5
නව්දීප් සානිගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අතට උඩ පන්දුවක් දෙමින් භානුක රාජපක්ෂ ලකුණු 9 කට දැවී යයි. (හතරේ පහර 1 යි)
.............................................................................................................................
ඕවර 13.2 - 97/4
කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ ලෝන්ග් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ශිකර් ධවාන් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 34 කට දැවී යයි. (හයේ පහර 3 යි)
.............................................................................................................................
ඕවර 13.1 - 97/3
කුල්දීප් යාදව්ගේ පන්දුවට කුසල්ගෙන් රිවස් ස්වීප් පහරක්. පන්දුව තර්ඩ් මෑන් කළාපයට ඉහළින් හයේ සීමාව පසුකරයි.
.............................................................................................................................
ඕවර 12.4 - 89/3
පා ඉන්නෙන් පිටත පතිත වූ ශර්ධුල් ඨාකුර්ගේ පන්දුවට භානුකගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 11.3 - 82/3
කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ රිෂාබ් පාන්ට්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 10 කට දැවී යයි. (හතරේ පහර 1 යි)
.............................................................................................................................
ඕවර 11.1 - 81/2
කුල්දීප් යාදව්ගේ පළමු පන්දුවටම කුසල්ගෙන් කුසල්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.
.............................................................................................................................
ඕවර 10.1 - 71/2
පා ඉන්න කෙළින් පතිත වූ වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවට ඕෂධගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 10 - 67/2
ඕවර 10 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 67 ක් ලබා සිටින අතර කුසල් පෙරේරා හයේ පහරක් සමග ලකුණු 16 ක්ද, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 4 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිති.
.............................................................................................................................
ඕවර 8.5 - 64/2
පිට ඉන්නෙන් පිටත පතිත වී කඩුල්ල තුළට ඇදී ආ වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවට කුසල්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.
.............................................................................................................................
ඕවර 7.4 - 54/2
නව්දීප් සානිගේ යෝකර් පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 20 කට දැවී යයි. (හතරේ පහර 3 යි) පන්දුව පැමිණි වේගය පැයට කිලෝ මීටර් 147.5 යි.
.............................................................................................................................
ඕවර 5.2 - 44/1
පිට ඉන්නෙන් පිටත පතිත වූ ඨාකුර්ගේ පන්දුවට ගුණතිලකගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 4.5 - 38/1
වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි නව්දීප් සානි අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 22 කට දැවී යයි. (හතරේ පහර 5 යි)
.............................................................................................................................
ඕවර 4.1 - 35/0
වොෂින්ටන් සුන්දර්ගේ පළමු පන්දුවටම ගුණතිලකගෙන් රිවස් ස්වීප් පහරක්. පන්දුව ස්ලිප් ක්‍රීඩකයා පසුකරමින් හතරේ සීමාව වෙත.
.............................................................................................................................
ඕවර 3.6 - 31/0
පා ඉන්නෙන් ඉවතට ඇදී ගිය බුම්රාගේ පන්දුවට අවිෂ්කගෙන් ඩීප් මිඩ්විකට් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 3.1 - 26/0
බුම්රාගේ පන්දුවට ගුණතිලකගෙන් කවර් සහ පොයිට් කළාප අතරින් හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 2.6 - 22/0
අවිෂ්කගෙන් මිඩ් විකට් කළාපය හරහා තවත් හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 2.4 - 18/0
කඩුල්ල කෙළින් පතිත වූ නව්දීප් සානිගේ පන්දුවට අවිෂ්කගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ඕවර 1.4 - 11/0
මැද ඉන්න කෙළින් පතිත වූ ශර්දුල් ඨාකූර්ගේ පන්දුවට අවිෂ්කගෙන් ස්ට්‍රේට් ඩයිව් පහරක්. පන්දුව විනිසුරුකරු පසුකරමින් හතරේ සීමාව වෙත.
.............................................................................................................................
ඕවර 0.1 - 06/0
පිට ඉන්නෙන් පිටත පතිත වූ බුම්රාගේ පන්දුවට අවිෂ්කගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.
.............................................................................................................................
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා ධනුෂ්ක ගුණතිලක සමග අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා සූදානම්.
.............................................................................................................................
වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණ පළමු තරගය සඳහා නම් කළ කණ්ඩායම් දෙකෙම කිසිදු වෙනස්කමකින් තොරව මෙම තරගය සඳහාද සහභාග වෙයි.
.............................................................................................................................
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දෝර්හිදී අද (7 වැනිදා) පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම
ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක, ඉසුරු උදාන, වනිඳු හසරංග සහ ළහිරු කුමාර
ඉන්දීය කණ්ඩායම
විරාට් කෝලි (නායක), ලොකේෂ් රාහුල්, ශිකර් ධවාන්, ශ්‍රෙයාස් අයියර්, රිෂාබ් පාන්ට්, ශිවම් ඩූබ්, වොෂින්ටන් සුන්දර්, කුල්දීප් යාදව්, ශර්දුල් ඨාකූර්, නව්දීප් සානි සහ ජස්ප්‍රීට් බුම්රා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.