Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියානුවෝ ලෝක ශුරයන් ගෙදර යවති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඉන්දියානුවෝ ලෝක ශුරයන් ගෙදර යවති

editorial - 2023 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉන්දියාව සහ එංගලන්තය අතර ලක්නව් නුවර ඒකානා ක්‍රිකට් ක්‍රීඩාංගණ‍යේදී අද (29 වැනිදා) පැවැති ‍එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 100 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග එංගලන්තයට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ගිළිහී ගියේය.

එංගලන්තයට මූලික වටයේ තවත් තරගය 3 ක් ඉතිරිව ඇති අතර එම තරග 3 ම ජයගත්තද ලබාගත හැකි වන්නේ ලකුණු 8 ක් පමණි. ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියව මේ වන විටත් ලකුණු 8 බැගින් ලබා සිටින බැවින් ඔවුන් තවත් එක් ජයග්‍රහණයක් පමණක් ලැබුවද, එංගලන්තයට ඔවුන් පසුකර යෑමට නොහැකි වනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට මොහොමඩ් සාමි සහ ජස්ප්‍රීට් බුම්රා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 34.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණූ 129 ක් පමණි. එහිදී සාමි ලකුණූ 22 කට කඩුලු 4 ක්ද, බුම්රා ලකුණු 32 කට කඩුලු 3 ක්ද දවාගැනීමට සමත් වූහ. ‍

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 229 ක් ලබාගත් අතර ඉන්දීය ඉනි‍‍මේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක රෝහිත් ශර්මා පන්දු 101 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 87 ක් රැස්කළේය. ආදිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේ ලයෑම් ලිවිංග්ස්ටන් අතට උඩ පන්දුවක් ‍දෙමින් දැවී යෑම හේතුවෙන් ඔහු‍ට 32 වැනි එක්දින ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

ලෝකේෂ් රාහුුල් (39) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 11 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශර්මා සමත් වූ අතර පන්දු 58 කදී වාර්තා වූ රාහුල්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 49 ක් ලබා සිටි සූර්යකුමාර් යාදව්, අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ ඩේවිඩ් විලීගේ පන්දුවක් හමුවේ ක්‍රිස් වෝක්ස් අතට උඩ පන්දුවක් දෙමිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩේවිඩ් විලී නිලකුණ් ඕවර 2 ක් සමග ඕවර 10 ක් යවමින් ලකුණු 45 කට කඩුලු 3 ක් බිඳහෙළූ අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 33 කට කඩුලු 2 ක්ද, ආදිල් රෂීඩ් ලකුණු 35 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ඉන්දීය පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා විලීට අනගි සහායක් ලබාදුන්හ.

 

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 229
(රෝහිත් ශර්මා 87, ලෝකේෂ් රාහුල් 39, සූර්යකුමාර් යාදව් 49, ජස්ප්‍රීට් බුම්රා 16, ඩේවිඩ් විලී 45/3, ක්‍රිස් වෝක්ස් 33/2, ආදිල් රෂීඩ් 35/2)

එංගලන්තය - ඕවර 34.5 කදී සියලු දෙනා දැවී 129
(ඩේවිඩ් මැලන් 16, මුයින් අලී 15, ලයෑම් ලිවිංග්ස්ටන් 27, ඩේවිඩ් විලී 16, මොහොමඩ් සාමි 22/4, ජස්ප්‍රීට් බුම්රා 32/3, කුල්දීප් යාදව් 24/2)


අදහස් (0)

ඉන්දියානුවෝ ලෝක ශුරයන් ගෙදර යවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.