Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එළඹෙන ජුනි මාසයේ ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට සූදානම් කර තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ ඉඩක් නැති බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති එෂාන් මනී මහතා පවසයි. මෙම වසරට නියමිත ආසියානු කුසලාන තරගාවලිය ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටත් වසර 2023 දී තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමටත් තමන් බලාපොරොත්තු වන බවද එෂාන් මානි මහතා පවසයි.
ආසියානු කුසලාන තරගාවලිය වසර දෙකකට වරක් පැවැත්වෙන්නකි. එබැවින් මේ වසරේදී පැවැත්වීමට නියමිත තරගාවලිය ලබන වසරේදී පැවැත්වෙන අතර වසර 2023 තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට පැමිණෙනු ඇතැයි යන්න පාකිස්තානු ක්‍රිකට් ප්‍රධානියාගේ අපේක්‍ෂාවයි.
“2022 දී ශ්‍රී ලංකාවට එය (ආසියානු කුසලානය) හිමිවෙනවා. 2023 දී පාකිස්තානය මෙම තරගාවලියට සත්කාරකත්වය සපයනවා. කාලයත් සමඟ දෙරට අතර පවතින දේශපාලන සබඳතා යහපත් අතට හැරෙනු ඇති බවත්, ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට පැමිණීමට මෙය ඉවහල් වනු ඇති බවත් මම විශ්වාස කරනවා” යයිද එෂාන් මානි මහතා පැවසීය.
“මෑත දිනවල ධනාත්මක ඉඟි කිහිපයක් දක්නට ලැබී තියෙනවා. අයිස් දිය වී යනවා වාගේ දේශපාලන අර්බුදයන්ද පහවයනු ඇතැයි අපේක්ෂා කරනවා” යැයි පුවත්පත් සාකච්ඡාවකදී පාකිස්තානු ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.
ඉන්දීය කණ්ඩායම තම අසල්වැසියන් සමග ක්‍රීඩා කිරීමට සූදානම් වන්නේ නම් එය පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ඉදිරි ගමනක් වනු ඇතැයි මානි මහතා පැවසීය.
පාකිස්තානු ප්‍රීමියර් ලීග් 6 වැනි තරගාවලිය හේතුවෙන් මේ වසරේ (2021) ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට අපහසු බවත්, නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය හේතුවෙන් ඉන්දියාවද කාර්යබහුල වනු ඇති බවත් මානි මහතා වැඩිදුරටත් පැවසීය.
“අපි ඉතා කාර්යබහුල බැවින් මේ වසරේ ආසියානු කුසලානය නොපැවැත්වීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නෑ... ජුනි මාසයේදී ජාත්‍යන්තර තරග නොමැති බැවින් කල්දැමුණු පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියේ ඉතිරි තරග අපි පවත්වනවා” යැයි මනි මහතා පැවසීය.
ආසියානු කුසලානය සඳහා ඉන්දියාව ඔවුන්ගේ ‘බී’ කණ්ඩායම යවන බවට පළ වූ වාර්තා පිළිබඳව තමාට නිල වශයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් මානි මහතා පැවසීය. පාකිස්තානු සහ ඉන්දීය කණ්ඩායම් වල ඉදිරිපෙළ ක්‍රීඩකයන් නොමැතිව ආසියානු කුසලාන තරගාවලිය සංවිධානය කිරීමට රූපවාහිනී සමාගම් මැළිවෙති.
ආසියානු කුසලානයෙන් ලැබෙන ආදායම ආසියානු ක්‍රිකට් සභාවේ සාමාජික රටවල ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා වැය කරන බව මානි මහතා පැවසීය. ආසියානු ක්‍රිකට් සභාවට තරගාවලියෙන් නිසි ආදායමක් ලබා දෙන බවට සහතික වී ඇත්තේ සියලුම කණ්ඩායම් මෙම කලාපීය තරගාවලියට සහභාගී වුවහොත් පමණි.
මේ වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පාකිස්තානයේ සහභාගී වීම පිළිබඳව අන්තර්ජාති ක්‍රිකට් සභාව විසින් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සහතිකයක් දී ඇති බව ද මානි මහතා අනාවරණය කළේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.