Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අහන් - නිපුන් නැඟී එන පිල දිනවති

අහන් - නිපුන් නැඟී එන පිල දිනවති

editorial - 2025 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිපුන් ධනංජය (88) සහ අහන් වික්‍රමසිංහ (103) දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වැනි නිල නොවන එක්දින තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. මෙම තරගය ඊයේ (21 වැනිදා) පැවැත්විණ. 

කාසියේ වාසිය දිනාගත් කොදෙව් ක්‍රිකට් විද්‍යායතන කණ්ඩායම පළමුවෙන්ම පන්දුවට පහර දීම තෝරාගත් නමුත් ටේ‍රවින් මැතිව්ස් (40/3) සහ ධනංජය ලක්ෂාන් (26/1) දෙදෙනා එක්ව ඕවර 9 කදී ලකුණු 40 ක් ඇතුළත කඩුලු තුනක් බිම දමූහ. 

පසුව ආරම්භක පිතිකරු අකීම් ඔගස්ටේ (66) සහ කාලන් බෝවන් ටකට් (55) එක්ව ලකුණු සංඛ්‍යාව 128 දක්වා ඉදිරියට ගෙන ගියද ලකුණු 17 ඇතුළත දෙදෙනාම දැවී යාමෙන් ලකුණු වේගය පහළට වැටිණ. කොදෙව් යොවුන් පිල නියෝජනය කළ රිවැල්ඩෝ ක්ලාක් (51) තරමක සටනක් දුන් නමුත් ගරුක සංකේත් පන්දුව අතට ගැනීමෙන් පසුව රිවැල්ඩෝ ද ඇතුළුව, පිතිකරුවෝ සිව් දෙනෙක් ලකුණු 17 කට දැවී ගියහ. 

ඉලක්කය එතරම් අභියෝගාත්මක නොවූවත්, නතාන් එඩ්වඩ්ස් විසින් පන්දු තුනක් ඇතුළත ෂෙවොන් ඩැනියෙල් සහ සොහාන් ද ලිවේරා දෙදෙනාම දවාගැනීම නිසා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරමක් සසළ විය. එහෙත් නොසැලී ඉදිරියට ගිය නිපුන් ධනංජය සහ අහන් වික්‍රමසිංහ දෙදෙනා කණ්ඩායම ජය මාවතට කැඳවාගෙන ආහ. දෙදෙනා අතර පැවැති ලකුණු 155 ක සම්බන්ධතාව බිඳ වැටෙන විට ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 12 ක් පමණි. 

පන්දු 125 කට මුහුණ දුන් නිපුන් ධනංජය හතරේ පහර 7 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සරසද්දී අහන් වික්‍රමසිංහ පන්දු 79 කින් සිය ලකුණු 103 ලබාගත්තේ හතරේ පහර 10 කින් සහ හයේ පහර දෙකකින් කොදෙව් පන්දු යවන්නනට රිදවමිනි. 

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ දෙවැනි නිල නොවන තරගය 24 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි. 


බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් විද්‍යායතනය - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 237 යි
(අකීම් ඔගස්ටේ 66, කාලන් බෝවන් ටකට් 55, රිවැල්ඩෝ ක්ලාක් 51, නතාන් එඩ්වඩ්ස් 25, ටේ‍රවින් මැතිව්ස් 40/3, ගරුක සංකේත් 45/3)

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම - ඕවර 39.4 කදී කඩුලු 5 ක් දැවී 238 යි
(නිපුන් ධනංජය 88, ෂෙවෝන් ඩැනියෙල් 11, සහන් කෝසල 19, අහන් වික්‍රමසිංහ 103, නතාන් එඩ්වඩ්ස් 44/2)

 

(ඡායාරූප - බ.ඉ.කොදෙව් ක්‍රිකට්)
- 213


අදහස් (0)

අහන් - නිපුන් නැඟී එන පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.