Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අවිෂ්ක - තිසර යාපනයට ජය ගෙනෙති
එල්.පී.එල්. - 2021

අවිෂ්ක - තිසර යාපනයට ජය ගෙනෙති

editorial - 2021 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

 

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගය ලෙස කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගයට පෙර ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථාවයේ පසුවූ කිංග්ස් කණ්ඩායම මෙම ජයත් සමග එහි දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක්  ඕවර 14 කට සීමා වූ අතර එහිදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්යක් හඹාගිය කැන්ඩි වෝරියර්ස් කණ්ඩායමට එම  ඕවර 14 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි. එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ රෝමන් පවෙල් පන්දු 19 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 61 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ චරිත් අසංලක පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක් රැුස්කළ අතර කෙනාර් ලූවිස් (41) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 35 කදී වාර්තා වූ ලූවිස්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනූ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම  ඕවර 14 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 181 ක් ලබාගත්තේය. අවිෂ්ක ප‍්‍රනාන්දු (53) සහ නායක තිසර පෙරේරා (53) වේගවත් අර්ධ ශතක ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 101 කි.

පන්දු 23 කට මුහුණදුන් අවිෂ්ක හයේ පහර 7 ක් සමගින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ඉන් හයේ පහර 5 ක්ම ටී.එම්. සම්පත්ගේ  ඕවරයක පිට පිට පන්දු 5 කදී එල්ල කළ හයේ පහර විය. පන්දු 21 කදී වාර්තා වූ තිසරගේ අර්ධ ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. චතුරංග ද සිල්වා පන්දු 10 කින් ලකුණු 21 ක් රැුස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.


ජැෆ්නා කිංග්ස් පිල -  ඕවර 14 කදී කඩුලූ 6 කට 181
(අවිෂ්ක ප‍්‍රනාන්දු 53, කොලර් කැඞ්මෝ 14, තිසර පෙරේරා 53, ෂොයිබ් මලික් නොදැවී 16, චතුරංග ද සිල්වා 21, සිරාස් අහමඞ් 22/3)
 
කැන්ඩි වෝරියර්ස් පිල -  ඕවර 14 කදී කඩුලූ 5 කට 166
(කෙනාර් ලූවිස් 41, චරිත් අසලංක 42, රෝමන් පවෙල් 61, ජේඞ්ස් සීල්ස් 40/2)

 


අදහස් (0)

අවිෂ්ක - තිසර යාපනයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.