Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අවිශ්ක ඇෆ්ඝනිස්තානයේ පුහුණුකරු ධූරයට

අවිශ්ක ඇෆ්ඝනිස්තානයේ පුහුණුකරු ධූරයට

editorial - 2021 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු වන අවිෂ්ක ගුණවර්ධන මහතා ඇෆ්ඝනිස්ථාන ජාතික කණ්ඩයමේ පුහුණුකරු ලෙස බඳවාගෙන ඇතැයි ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩ‍ලය නිවේදනය කරයි.

 මේ වන විට 44 වැනි වියේ පසුවන අවිෂ්ක ගුණවර්ධන මහතා, ශ්‍රී ලකා 'ඒ' කණ්ඩයමේ පුහුණුකරු ලෙස මෙන්ම ජාතික කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත. වමතින් පිත්ත හැසිරවූ ඔහු එක්දින ජාත්‍යන්තර තරග 61 කදී සහ ටෙස්ට් තරග 6 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

එක්දින තරගවලදී ශතකයක් සහ අර්ධ ශතක 12 ක් සමගින් ලකුණු 1708 ක් රැස්කිරීමට අවිෂ්ක සමත්ව ඇත්තේ 28.46 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. ටෙස්ට් තරගවලදී ඔහු රැස්කර ගෙන ඇත්තේ ලකුණු 181 ක් පමණක් වුවත් පළමු පෙළ තරග 129 කදී ශතක 12 ක් සහ අර්ධ ශතක 40 ක් සමග ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6680 කි.

පාකිස්තානය‍ට එරෙහිව සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ සිට අවිෂ්ක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සමග එක්වන බව ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් ආයතනය කියයි. එහිදී පිතිහරඹ පුහුණුකරු ලෙසද කටයුතු කිරීම අවිශ්ක ගුණවර්ධන මහතාගේ පළමු පැවරුම වේ.

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ටේට් ඇෆ්ඝනිස්තානු පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට එක්ව සිටියි.

 

- 036

 


අදහස් (2)

අවිශ්ක ඇෆ්ඝනිස්තානයේ පුහුණුකරු ධූරයට
  • Abdul Nazar Wednesday, 18 August 2021 09:05 AM

    මේ වෙලාවේ....

    Reply 0       0

    pakeer Wednesday, 18 August 2021 04:22 PM

    රජයක් වත් නැති..., ජනාධිපතිත් පැනලා ගිය රටේ මොන ක්‍රිකට්ද? හරියට හන්දියේ කඩයක් දාගත්තා වගේනේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.