Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයි.පී.එල්. තරගාවලියේත් කොරෝනා ආසාදිතයෙක්

අයි.පී.එල්. තරගාවලියේත් කොරෝනා ආසාදිතයෙක්

editorial - 2021 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

22 වැනිදා (ඩුබායි)

සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ වේග පන්දු යවනන්නකු වන ටී. නට්රාජන්ට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ දිල්ලි කැපිටල්ස් පිල අතර අද පැවැත්වීමට නියමිත තරගය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී ටී. නට්රාජන්ට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඔහුගේ සමීපතමයන් 6 දෙනකු නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර්ද මෙන්ම කණ්ඩායමේ වෛද්‍යවරයාද මෙම 6 දෙනාට ඇතුළත්ව සිටිති.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරන්නේ අනෙක් ක්‍රීඩකයන්ට කොරෝනා වයිරසය වැළඳී ඇති බවක් වාර්තා නොවන හෙයින් දිල්ලි කැපිටල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය අද දිනයේ නියමිත පරිදි පැවැත්වෙන බවයි.

නට්රාජන්ගේ සමීපතමයන් වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ විජේ ශංකර් (ක්‍රීඩක), විජේ කුමාර් (කළමණාකරු), ශ්‍යාම් සුන්දර් (භෞත චිකිත්සක), අංජන වන්නන් (වෛද්‍යවරයා), තුෂාර් කේද්කාර් (සැපයුම් කළමණාකරු) සහ පෙරියසාමි ගනේෂන් (පුහුණු වීමේ පන්දු යවන්නා) නිරෝධායනය කර සිටිති.

අපේ්්‍රල් මාසයේදී ඉන්දියාවේදී ආරම්භ වූ අයි.පී.එල්. තරගාවලිය කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන්, තරග 29 කට පසුව, මැයි මාසයේදී අතරමග නතර කරන ලදි. පසුගිය ඉරිදා (19 වැනිදා) එය යළිත් ආරම්භ වූයේ තරගාවලියේ ඉතිරි කොටස සම්පූර්ණයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පරිදි සැලසුම් කිරීමෙන් අනතුරුවය.

තරගාවලියේ තවත් තරග 28 ක් පැවැත්වීමට ඉතිරිව තිබේ. එහෙත් දෙවැනි අදියරේදී තවමත් පැවැත්වී ඇත්තේ තරග 3 ක් පමණි.

තරගාවලිය නැරඹීමට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව දී ඇති නමුත් ක්‍රීඩකයන් සිටිනුයේ ජෛව ආරක්‍ෂක බුබුළු තුළය.

 ටී. නට්රාජන්...

- 213

 


අදහස් (0)

අයි.පී.එල්. තරගාවලියේත් කොරෝනා ආසාදිතයෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.