Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයි.පී.එල්. තරග විකාශය ඇෆ්ඝනිස්තානයේ තහනම්

අයි.පී.එල්. තරග විකාශය ඇෆ්ඝනිස්තානයේ තහනම්

editorial - 2021 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (අයි.පී.එල්) විකාශන කටයුතු ඇෆ්ඝනිස්තානය තුළ විකාශය කිරීම ඇෆ්ගනිස්ථානයේ නව තලේබාන් රජය විසින් තහනම් කර තිබේ. ඇෆ්ඝනිස්තානු ක්‍රීඩකයන් වන රෂීඞ් ඛාන්, මොහොමඞ් නබි සහ මුජීබ් උර් රහ්මාන් වැනි ඇෆ්ගනිස්ථානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර අයි.පී.එල් තරගාවලිය සඳහා සහභාගී වෙති.

චෙන්නායි සුපර් කිංග්ස් සහ වත්මන් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරඟයෙන් අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර පසුගිය 19 වැනිදා ආරම්භ විය. අයි.පී.එල්. දෙවැනි අදියර පැවැත්වෙන්නේ ද තවත් ඉස්ලාමීය රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීය.

ගැහැණු ළමයින් නටමින් සිටීම සහ කාන්තාවන් හිස ආවරණය නොකර තරග නැරඹීමට පැමිණීම වැනි ඉස්ලාමීය විරෝධී අන්තර්ගතයන් හේතුවෙන් තලේබාන් රජය විසින් අයි.පී.එල් විකාශනය කටයුතු එරට තහනම් කරනු ලැබ ඇති බව ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් මණ්ඩලයේ හිටපු මාධ්‍ය කළමනාකරු එම්. ඉබ්රාහිම් මොමන්ඞ් මහතා පැවසීය. තලේබාන් රජය විසින් අයි.පී.එල් විකාශන කටයුතු තහනම් කළ බව එරට අනෙකුත් මාධ්‍යවේදීන් ද වාර්තා කළහ.

තලේබාන් රජය විසින් ක්‍රීඩා 400 කට ඉඩ ලබා දෙන බව ඇෆ්ගනිස්ථානයේ නව ක්‍රීඩා ප්‍රධානී පසුගිය සතියේ පැවසුවේය. නමුත් කාන්තාවන්ට එක් ක්‍රීඩාවක් හෝ කළ හැකිද යන්න තහවුරු කිරීම ප්‍රතික්ෂේප කළේය.

”කරුණාකර කාන්තාවන් ගැන තවත් ප්‍රශ්න අසන්න එපා” යනුවෙන් බෂීර් අහමඞ් රුස්තම්සායි මහතා පැවසීය.

තලේබාන්වරුන් ඇෆ්ඝනිස්තානය පාලනය කළ 1996 සිට 2001 දක්වා කාලය තුළ පිරිමින්ගේ ක්‍රීඩා කටයුතුද දැඩි ලෙස පාලනය කළ අතර කාන්තාවන්ට කිසිදු ක්‍රීඩාවකට සම්බන්ධවීම සම්පුර්ණයෙන්ම තහනම් කරන ලදී. එමෙන්ම කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම සහ රැකියාවල නිරත වීමද බොහෝ දුරට තහනම් විය.

- 2079

 


අදහස් (0)

අයි.පී.එල්. තරග විකාශය ඇෆ්ඝනිස්තානයේ තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.