Last Update  :  2025-10-29 17:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අබුඩාබි ටී-10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 13 ක්

අබුඩාබි ටී-10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 13 ක්

editorial - 2025 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

නොවැම්බර් මස 18 වැනිදා සිට 30 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශ්‍රෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අබුඩාබි ටී-10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 දෙනෙක් සහභාගි වීමට නියමිතය. 

තවමත් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාවේ නිතර වන ක්‍රීඩකයන් 10 දෙනෙක් සහ මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන ඇති ක්‍රීඩකයන් තිදෙනෙක් ඒ අතර වෙති. ඔවුන් අතරින් මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන ඇති ක්‍රීඩකයන් වන්නේ තිසර පෙරේරා, ඉසුරු උදාන සහ ඇන්ජලෝ පෙරේරාය. 

කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී කණ්ඩායම් 5 කටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇතුළත්ව සිටින අතර එහිදී වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ඇතුළත්ව ඇත්තේ නොදර්න් වොරියර්ස් කණ්ඩායමටය. තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය එම කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ වෙති. 

ඔවුන්ට අමතරව රෝයල් චෑම්ප්ස් කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල සහ ඉසුරු උදානත්, විස්ටා රයිඩර්ස් කණ්ඩායමට භානුක රාජපක්ෂ, ඩිල්ෂාන් මධුෂංක සහ ඇන්ජලෝ පෙරේරාත් ඇතුළත්ව සිටිති. අවිෂ්ක ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු ඇස්පින් ස්ටැලියන්ස් කණ්ඩායමටද, ළහිරු කුමාර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමටද ක්‍රීඩා කිරීමට නියමිතය. 

අබුඩාබි ටී-10 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

නොදර්න් වොරියර්ස් පිල 
තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය 

රෝයල් චෑම්ප්ස් පිල 
ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල සහ ඉසුරු උදාන 

විස්ටා රයිඩර්ස් පිල 
භානුක රාජපක්ෂ, ඩිල්ෂාන් මධුෂංක සහ ඇන්ජලෝ පෙරේරා 

ඇස්පින් ස්ටැලියන්ස් පිල 
අවිෂ්ක ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු 

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල 
ළහිරු කුමාර 

 


අදහස් (0)

අබුඩාබි ටී-10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 13 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.