Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International 3-0 ක ජයක් නැත්නම් ශී‍්‍ර ලංකාව අමාරුවේ
එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

3-0 ක ජයක් නැත්නම් ශී‍්‍ර ලංකාව අමාරුවේ

editorial - 2022 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමත්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවද එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි මේ වනවිට රැු`දී සිටින ස්ථානයේ වෙනසක් සිදුනොවේ. තරග 3 ම ජය ගැනීමට හැකිවුව හොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ශ්‍රේණිගත ලකුණක් හිමිවන බැවින් ශී‍්‍ර ලංකා පිලේ ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 84 දක්වා ඉහළ යනු ඇත. ඒ සමගින් 8 වැනි ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් පිල සමගින් සම ශ්‍රේණිගත ලකුණක් සංඛ්‍යාවකට ශ්‍රී ලංකාව හිමිකම් කියනු ලැබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත ලකුණු 83 කට හිමිකම් කියනු ලබන අතර සිම්බාබ්වේ කණ්ඩායමට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 38 ක් පමණි.

ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලි වලදී ශ්‍රේණිගත ස්ථානය බෙහෙවින් වැදගත් වන බැවින් සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය 3-0 ක් ජය ගැනීම ශී‍්‍ර ලංකා පිලට ඇති එකම විකල්පය වී තිබේ.

තරගාවලිය 3-0 ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්වුවද ඔවුන්ගෙන් අහිමිවන්නේ එක් ශ්‍රේණිගත ලකුණක් පමණි. නමුත් සිම්බාබ්වේ කණ්ඩායම රැු`දී සිටින ස්ථානයේ වෙනසක් සිදු නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2-1 ක් ලෙස ජයගත්තද ඔවුන්ගෙන් ශ්‍රේණිගත ලකුණු 2 ක් (81) අහිමිවේ. එක් තරගයක් පමණක් ජයගන්නා සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රේණිගත ලකුණු 3 ක් (41) හිමිවේ.

තරගාවලිය 1-1 ක් ලෙස සමවුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රේණිගත ලකුණු 3 ක් (81) අඩුවන අතර සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රේණිගත ලකුණු 4 ක් (42) හිමිවේ.

යම් හෙයකින් සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලිය 3-0 ක් ලෙස ජයගතහොත් ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 50 දක්වා ඉහළ යනු ඇත. ඒ සමගින් 14 වැනි ස්ථානයේ රැඳී සිටින සිම්බාබ්වේ කණ්ඩායමට 11 වැනි ස්ථානය දක්වා ඉහළ යෑමට අවස්ථාව හිමිවේ. එවිට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ශ්‍රේණිගත ලකුණු 8 ක් අඩුවී මුළු ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 75 දක්වා පහත වැටෙනු ඇත.

සිම්බාබ්වේ කණ්ඩායමට 2-1 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට හැකිවුවහොත් ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 46 දක්වා ඉහළ යන අතර ශ්‍රේණිගත කිරීම්හී එක් ස්ථානයක්ද ඔවුන් ඉහළ යනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 78 ක් දක්වා පහත වැටෙනු ඇත.

ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තද, පරාජයට පත්වුවද ශ්‍රේණිගත කිරීම්හී ඉහළ පහළ යෑමක් සිදුනොවේ. ශ්‍රේණිගත ලකුණු 84 ක් ලබාගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රේණිගත කිරීම්හී ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින අතර පහළින් සිටින ඇෆ්ඝනිස්තානය ශ්‍රේණිගත ලකුණු 62 ක් ලබාගෙන ඇත.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 9 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව සහ 14 වැනි ස්ථානයේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 16 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතය.

එක්දින ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන නවසීලන්තය ශ්‍රේණිගත ලකුණු 121 ක් ලබාගෙන ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවන එංලන්තය ශ්‍රේණිගත ලකුණු 119 ක් ලබාගෙන ඇත. ඕස්ටේ‍්‍රලියාව ශ්‍රේණිගත ලකුණු 116 ක් සමගින් තෙවැනි ස්ථානයේ පසුවන අතර ඉන්දියාව සිව්වැනි ස්ථානයේ (113) පසුවේ. දකුණු අප‍්‍රිකාව පස්වැනි ස්ථානයේත් (98), පාකිස්තානය හයවැනි ස්ථානයේත් (93), බංග්ලාදේශය අටවැනි ස්ථානයේත් (91) රැඳී සිටිති.


අදහස් (0)

3-0 ක ජයක් නැත්නම් ශී‍්‍ර ලංකාව අමාරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.