Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ (2020) සහභාගි වීමට නියමිත ටෙස්ට් තරග අටෙන් තරග හයක්ම ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාව ලබන වසරේ අවම වශයෙන් එක්දින තරග 12 කට සහ විස්සයි20 තරග 10 කට ශ්‍රී ලංකාවේදී සහභාගි වීමට නියමිතය. 2020 වසරේදී ජාතික කණ්ඩායම සහභාගි වීමට නියමිත සියලුම අන්තර්ජාතික තරග සංඛ්‍යාව 30 කි.
අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩයම් හත ශ්‍රී ලංකාවේ ලබන වසරේ තරග සංචාරවලට සහභාගි වීමට සැළසුම් කර තිබේ.
ඉන්දීය පිල එක්දින තරග තුනකට සහ විස්සයි20 තරග තුනකට සහභාගිවීම සඳහා ලබන ජූනි මස ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එම තරගාවලියේ විස්සයි20 තරග සංඛ්‍යාව පහක් දක්වා වැඩි කරගැනීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකා පිල ලබන වසරේ එකම විදේශ තරග සංචාරය ලෙස සිම්බාබ්වේහිදී ටෙස්ට් තරග දෙකකට සහභාගි වීමට නියමිතය. එම සංචාරය ලබන පෙබරවාරි මස පැවැත්වීමට නියමිතය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මස පාකිස්තානයේ පැවැත්වීමට නියමිතය.
ඕස්ට්‍රේලියාවේදී ලබන වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එම වසරේ ශ්‍රී ලංකා පිලේ අවසන් තරගාවලිය වේ.
ලබන වසරේ (2020) තරගාවලි කාලසටහන
● ජන. 14 සිට ජන. 30 - ශ්‍රී ලංකා පිලේ සිම්බාබ්වේ සංචාරය (ටෙස්ට් 2)
● පෙබ. 1 සිට 13 - අයර්ලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය (ටෙස්ට් 1)
● පෙබ. 17 සිට මාර්තු 8 - බ.ඉ.කො. පිලේ ශ්‍රී ලංකා සංචාරය (එක්දින 3, විස්සයි20 2)
● මාර්තු 19 සිට 31 - එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය (ටෙස්ට් 2 යි)
● මැයි 27 සිට ජූනි 18 - ද. අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරය (එක්දින 3, විස්සයි20 3)
● ජූනි 21 සිට ජූලි 12 - ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය (එක්දින 3, විස්සයි20 3)
● ජූලි 16 සිට අගෝ. 13 - බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය (ටෙස්ට් 3)
● සැප්තැම්බර් - ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේදී
● සැප්. 20 සිට ඔක්. 7 - සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරය (එක්දින 3, විස්සයි20 2)
● ඔක්. 18 සිට නොවැ. 15 - විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී
chamara Tuesday, 05 November 2019 11:44 AM
ඉන්දියාවේ ගහන්න හිටපු විස්සයි විස්ස තරගාවලියට මොකද වුනේ ?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.