Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා නුවර සිට...)
අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට සහ බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් දාස්ට පිළිවෙලින් ඔවුනොවුන්ගේ තරග ගාස්තුවලින් 25% ක සහ 15% ක දඩ නියම කිරීමට තරග තීරක ජවගාල් ශ්‍රීනාත් මහතා පියවර ගෙන ඇත.
සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ ඊයේ පැවැති තරගයකදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට දඩ නියම කර තිබේ.
ඔවුන් දෙදෙනා අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ ආචාර ධර්ම පද්ධතියේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩකයන්ගේ සහායක පිරිස් සඳහා වන කොටසට අදාල පළමු මට්ටමේ වරදක් සිදු කර තිබීම හේතුවෙන් ඔවුන්ට අසාදු ලකුණ බැගින් නියම කිරීමටද තරග තීරකවරයා පියවර ගෙන ඇත.
ළහිරු කුමාර ආචාර ධර්ම පද්ධතියේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩක යන්ගේ සහායක පිරිස් සඳහා වන කොටසට අදාල 2.5 වගන්තියත්, ලිටන් දාස් එහි 2.20 වගන්තියත් උල්ලංගණය වන අයුරින් හැසිරී ඇති බවට තරග තීරක වරයා නිගමනය කර තිබේ. කෙසේ වුවත් ක්‍රීඩකයන් දෙදෙනාම තමන් අතින් සිදුවී ඇති වරද සහ ඒ වෙනුවෙන් නියම වූ දඬුවම් භාරගෙන ඇති බැවින් ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් නොපැවැත්වෙන බවද අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනට නිවේදනය කරයි.
“ජාත්‍යන්තර තරගකදී ක්‍රීඩකයකු දවාගැනීමෙන් අනතුරුව ඔහුට එරෙහිව අසභ්‍ය වචන භාවිතා කරමින් හෝ ආක්‍රමණශීලී ප්‍රතික්‍රියාවන් ඇති කළ හැකි අභිනයන් භාවිතා කරමින් හැසිරීම” යන්න ආචාර ධර්ම පද්ධතියේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩකයන්ගේ සහායක පිරිස් සඳහා වන කොටසට අදාල 2.5 වගන්තියෙන් කියැවේ.
“ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන අයුරින් හැසිරීම” යන්න එහි 2.20 වගන්තියේ සඳහන් වේ.
තරගයේ අධිවේගී ඕවර 6 නිමාවීට පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී ආරම්භක පිතිකරු ලිටන් දාස් පිටියෙන් ඉවත් කිරීමට ළහිරු කුමාර සමත් විය. මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි දසුන් ශානක අතට පහසු උඩ පන්දුවක් දෙමින් ලිටන් දාස් දැවී යන විට ලබා සිටියේ ලකුණු 16 ක් පමණි. එම දැවී යෑමන් අනතුරුව දාස් සහ ළහිරු අතර බහින්බස් වීමක් ඇතිවූ අතර විනිසුරුවන්ගේ සහ සෙසු ක්‍රීඩකයන්ගේ මැදිහත්වීම මත එය සමථයකට පත් විය.
පිටියේ විනිසුරුවන් වූ ජොයෙල් විල්සන්, ඇන්ඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්, තෙවැනි විනිසුරු මයිකල් ගෆ් සහ සිවුවැනි විනිසුරු රොඩ් ටකර් යන මහත්වරුන් එක්ව කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව තරග තීරකවරයා ළහිරුට සහ දාස්ට මෙම දඩ මුදල සහ අසාදු ලකුණ නියම කර තිබේ. පළමු මට්ටමේ වරදක් සඳහා ක්‍රීඩකයකුට නිල වශයෙන් තරවටු කිරීමක් හෝ අවම දඬුවමක් හෝ තරග ගාස්තුවෙන් 50% ක දඩයක උපරිම දඬුවමක් සමග අසාදු ලකුණක් හෝ අසාදු ලකුණු 2 ක් ලබා දිය හැකිය.
යම් කිසි ක්‍රීඩකයකු වසර 2 ක (මාස 24 ක) කාලයක් තුළදී අසාදු ලකුණු 4 ක් හෝ ඊට වැඩියෙන් ලබාගන්නේ නම් ඔහුට තරග අත්හිටුවීමේ ලකුණක් හිමිවන අතර ඔහු තරග තහනමකට ලක්වීමටද ඉඩ ඇත. අත්හිටුවීමේ ලකුණු 2 ක් හිමිවූ විට එම ක්‍රීඩකයා අනිවාර්යෙන්ම ටෙස්ට් තරගයක හෝ එක්දින තරග 2 ක හෝ විස්සයි-20 තරග 2 ක තහනමකට ලක්වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.