Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International හේෂාන් - තාරක උපදේශකයෝ වෙති

හේෂාන් - තාරක උපදේශකයෝ වෙති

editorial - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ ප්‍රධානි හේෂාන් ද මැල් සහ තවත් පුහුණුකරුවකු වන තාරක සමරතුංග යන මහත්වරු අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන ක්‍රිකට් පුහුණුකරුවන්ගේ තුන්වැනි අදියර පුහුණු පාඨමාලාවේ උපදේශකයෝ ලෙස කටයුතු කරති.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පුහුණුකරුවන්ගේ අංශයේ සංවිධානයෙන් ඩුබායිහිදී පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවේදී හේෂාන් ද මැල් මහතා උපදේශකයකු මෙන්ම පාඨමාලා අධ්‍යක්‍ෂවරයකු ලෙස ද කටයුතු කරයි. තාරක මහතා ‘මානසික ශක්තිය’ දියුණු කිරීමේ උපදේශකයකු ලෙස පාඨමාලාවට සම්බන්ධ වී සිටියි.

මෙම පාඨමාලාවට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, සිම්බාබ්වේ, ඇමරිකාව, උගන්ඩාව, එක්සත් ආරාබි එමිර් රාජ්‍ය, කටාර් සහ සෞදි අරාබි යන රටවල්වලින් පුහුණුකරුවෝ සහභාගි වී සිටිති.

- 048

 


අදහස් (0)

හේෂාන් - තාරක උපදේශකයෝ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.