Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International හසරංගට - චමීරට අයි.පී.එල්. වරම්

හසරංගට - චමීරට අයි.පී.එල්. වරම්

editorial - 2021 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී සහභාගි වූ සීමිත ඕවර තරගාවලි කිහිපයේදීම සාර්ථක දස්කම් පෙන්වූ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර දෙදෙනා අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර සඳහා තෝරාගනු ලැබ ඇත. ඔවුන් දෙදෙනාම, විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ක්‍රීඩා කිරීමට නියමිතය. 

අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර සැප්තැම්බර් මස 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ. පසුගිය මැයි මාසයේදී ඉන්දියාවේදී පැවැති තරගාවලිය කොවිඩ් -19 වයිරසයේ පැතිරීම හේතුවෙන් අතරමග නතර කරන ලදි. දෙවැනි අදියර සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ වන අතර අවසන් තරගය ඔක්තෝබර් මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය. 

වනිඳු හසරංග මේ වන විට විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අනුව ලෝකයේ දෙවැනි ස්ථානයේ සිටී. විස්සයි-20 අන්තර්ජාතික තරග 22 කදී වනිඳු හසරංග විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 33 කි. 

දුෂ්මන්ත චමීර මේ වසරේදී සහභාගි වූ විස්සයි-20 අන්තර්ජාතික තරගාවලි 3 කදී දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 14 කි. ඒ සෑම තරගයකදීම චමීරගේ පන්දු යැවීමෙන් පිතිකරුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 30 ට වඩා අඩුවීම ඔහුගේ පන්දු යැවීමේ පෙන්නුම් කරන ලද දියුණුවයි. 

දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග දෙනො සමගින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට විදේශීය ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ක්‍රීඩා කරති. ඒ.බී.ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, ටිම් ඩේවිඩ්, ඩෑන් ක්‍රිස්ටියන්, කයිල් ජැමීසන් සහ ග්ලෙන් පිලිප්ස් අයි.පී.එල්. දෙවැනි අදියරේදී රෝයල් චැලෙන්ජර්ස් පිල සමග එක්ව සිටිති. 

 


අදහස් (1)

හසරංගට - චමීරට අයි.පී.එල්. වරම්
  • SL Sunday, 22 August 2021 10:53 AM

    සුබපැතුම්... දුෂ්මන්ත චමීරව කණපිට හරවන්න චමින්ද වාස් සෑහෙන දෙයක් කරන්න ඇති කියලා හිතෙනවා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.