Last Update  :  2026-02-05 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සිම්බාබ්වේ - නේපාලය ජය ලබයි

සිම්බාබ්වේ - නේපාලය ජය ලබයි

editorial - 2026 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා ඊයේ (3 වැනිදා) පැවැති පෙරහුරු තරගවලදී ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ සහ නේපාල කණ්ඩායම් සමත් විය. එහිදී ඔවුන් හමුවේ පිළිවෙළින් නෙදර්ලන්ත සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් පරාජයට පත් විය. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ ලකුණු 149 කට සීමා කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී රිචඩ් න්ගරාවා ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් රයන් බර්ල් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය. ඩියෝන් මේයර්ස් පන්දු 14 කින් වේගවත් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 

චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය නේපාලය ඕවර 17 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් ඉලක්කය සපුරා ගත්තේය. එහිදී දීපේන්ද්‍ර සිං (නොදැවී 50) සහ ආරීෆ් ශෙයිඛ් (නොදැවී 61) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 145 කට සීමා කිරීමට නේපාල පන්දු යවන්නන් සමත් වූ අතර එහිදී සන්දීප් ලැමිචේන් සහ කේ.සී. කරන් කඩුලු 2 බැගින් දවාගත්හ. එක්සත් අරාබි එමීර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සොහේබ් ඛාන් පන්දු 27 කින් නොදැවී ලකුණු 38 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 


කොළඹදී සිම්බාබ්වේ පිලට ලකුණු 29 ක ජයක් 

සිම්බාබ්වේ පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 178 
(තඩිවන්ෂේ මරුමානි 28, ඩියෝන් මේයර්ස් 32, සිකන්දර් රාසා 20, රයන් බර්ල් 50, ටෝනි මුන්ගොන්ගා 17, ලෝගන් වැන් බීක් 22/3)  

නෙදර්ලන්ත - ඕවර 20 කදී සියලු දෙනා දැවී 149 
(මයිකල් ලෙවිට් 20, සැච් ලයන් කැචෙට් 17, ස්කොට් එඩ්වඩ්ස් 26, ලෝගන් වැන් බීක් 40, ආර්යන් දත් 18, රිචඩ් න්ගරාවා 11/3, ග්‍රෑම් ක්‍රීමර් 15/2, වෙලිංටන් මසකඩ්සා 26/2) 


චෙන්නායි නුවරදී නේපාලයට කඩුලු 7 ක ජයක් 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 145  
(ආර්යන්ෂ් ශර්මා 25, මුහම්මද් සොහේබ් 19, හර්ෂිත් කෞෂික් 35, සොහේබ් ඛාන් නොදැවී 38, සන්දීප් ලැමිචේන් 24/2, කේ.සී. කරන් 26/2) 

නේපාලය - ඕවර 17 කදී කඩුලු 3 ක් දැවී 148 
(රොහිත් පෞඩල් 16, දීපේන්ද්‍ර සිං නොදැවී 50, ආරීෆ් ශෙයිඛ් නොදැවී 61) 

-036 


අදහස් (0)

සිම්බාබ්වේ - නේපාලය ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.