Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සැමී කොදෙව් අධ්‍යක්‍ෂක මණ්ඩලයට

සැමී කොදෙව් අධ්‍යක්‍ෂක මණ්ඩලයට

editorial - 2021 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කණ්ඩායමට දෙවරක්ම විස්සයි20 ලෝක ශූරතාව දිනාගැනීමට නායකත්වය දුන් ඩැරන් සැමී මහතා (සාමාජික නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස) බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කර තිබේ. මේ අනුව ඉදිරි වසර දෙකක කාලයක් සේවය කිරීම සඳහා ඩැරන් සැමී මහතා පත්කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගේ පත්වීම් තුනෙන් එකක් ලෙස සැමී මහතා පත්කර ඇති තිබේ. ට්‍රිනිඩෑඩ් ජාතිකයකු වන නීතිඥ ඩෙබ්රා කොරියාට්-පැටන් මහත්මිය සහ ජැමෙයිකානු ශල්‍ය වෛද්‍ය සහ විශ්වවිද්‍යාල පරිපාලක වෛද්‍ය අක්ෂායි මන්සිං යන මහත්ම මහත්මීන් ඉතිරි ධූර දෙකට පත්කර ඇත. ඔවුන් දෙදෙනා පිට පිට දෙවැනි වරටත් පත්කර ඇත.

අවසන් වරට පසුගිය වසරේ (2020) පැවැති කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් තරඟයට ක්‍රීඩා කළ සැමී මේ වසරේදී පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී පෙෂාවර් සල්මි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේය. මේ වසර මුලදී සාන්ත ලුසියා සූක්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ සැමී මෙවර කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා එම කණ්ඩායමේ ක්‍රිකට් උපදේශකවරයා සහ සන්නාම තානාපතිවරයා ලෙස ද කටයුතු කරනු ඇත.

“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරීම ගෞරවයක්”
“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට පිටියේදීත් ඉන් පිටතදී මගේ උපරිමය ලබා දීමට මෙය තවත් හොඳ අවස්ථාවක්. මගේ සියලු දේශීය, කලාපීය හා ජාත්‍යන්තර අත්දැකීම් මගින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට මා සූදානමින් සිටිනවා. සේවය කිරීමට අවස්ථාව ලැබීම ගැන මම අතිශයින් සතුටට පත්වන අතරම මා කෙරේ තැබූ විශ්වාසය ගැන ස්තූතිවන්ත වෙනවා. මා මෙතරම් ආදරය කරන ක්‍රීඩාවට සහ කලාපයට මගේ සේවය ආපසු ලබා දීමට බලාපොරොත්තු වෙනවා.”  යැයි සැමී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඩැරන් සැමීගේ වටිනා, නවීන අදහස් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙනු ඇති බව එහි සභාපති රිකී ස්කෙරිට් මහතා පැවසීය.


 - 2079


අදහස් (0)

සැමී කොදෙව් අධ්‍යක්‍ෂක මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.