Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සව්ති - සෙයිෆට් - විලියම්සන් නවසීලන්තය දිනවති

සව්ති - සෙයිෆට් - විලියම්සන් නවසීලන්තය දිනවති

editorial - 2020 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටිම් සවුතිගේ දක්ෂ පන්දු යැවීමත්, ‍ටිම් සෙයිෆට්ගේ සහ නායක කේන් විලියම්සන්ගේ දක්ෂ පිතිහරඹයත් හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9 ක් පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. තරගාවලියේ අවසන් විස්සයි20 තරගය හෙට (22 වැනිදා) නේපියර්හිදී පැවැත්වීමට නියමිතය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ එක් කඩුල්ලක් පමණක් දැවී පන්දු 4 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරු ටිම් සෙයිෆට් (නොදැවී 84) සහ නායක කේන් විලියම්සන් (නොදැවී 57)  එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 129 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයගහ්‍රණය කරා ගෙන ගියහ.  

එහිදී පන්දු 63 කට මුහුණ දුන් සෙයිෆට්, හයේ පහර 3 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසීය. පන්දු 43 කදී වාර්තා වූ  විලියම්සන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. නවසීලන්ත ඉනිමේ දැවී ගිය එකම පිතිකරුවා වූ මාටින් ගප්ටිල් පන්දු 11 කින් ලකුණු 21 ක් රැස්කළේ හයේ පහර  2 ක් සහ හතරේ පහරක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට ටිම් සව්තිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ සව්ති, සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කරමින් පාකිස්තාන කණ්ඩායමේ (පළමු පිතිකරුවන් තිදෙනාද ඇතුළුව) කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොමඩ් හෆ්ස්  පන්දු 57 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 99 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 20 කදී ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

 

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 කට 163

(මොහොමඩ් රිස්වාන් 20, මොහොමඩ් හෆීස් නොදැවී 99, කුෂ්දිල් ෂා 14, ටිම් සවුති 21/4)

නවසීලන්තය - ඕවර 19.2 කදී එක් කඩුල්ලකට 164  

(මාටින් ගප්ටිල් 21, ටිම් සෙයිෆර්ට් නොදැවී 84, කේන් විලියම්සන් නොදැවී 57)

-036


අදහස් (0)

සව්ති - සෙයිෆට් - විලියම්සන් නවසීලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.