Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මුල්තාන් සුල්තාන් කණ්ඩායම සමත්විය. පේෂාවර් සල්මි පිලට එරෙහිව අබුඩාබිහිදී ඊයේ (24 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 47 ක ජයක් හිමිකරගත් මුල්තාන් සුල්තාන් පිල පළමු වරට පාකිස්තානු සුපර් ලීග් ශූරතාව දිනාගත්තේය.
එක් වරක් ශූරතාව දිනාගෙන ඇති පේෂාවර් සල්මි පිලට තෙවැනි වරටත් අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
කාසියේ වාසිය දිනාගත් පේෂාවර් සල්මි පිල පළමුව පන්දුවට පහරදීම සඳහා මුල්තාන් සුල්තාන් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.
අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ සොහෙබ් මක්සූඩ් පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 65 ක් සහ රිලී රොසොව් පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 50 ක් ලබාගනිමින් මුල්තාන් සුල්තාන් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.
සොහෙබ් මක්සූඩ් සහ රිලී රොසොව් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 42 කදී ලකුණු 98 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.
ආරම්භක පිතිකරුවන් වූ ශාන් මසූඩ් පන්දු 29 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 37 ක් සහ නායක මොහොමඩ් රිස්වාන් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් ලබාගනිමින් මුල්තාන් සුල්තාන් පිලේ ජයග්‍රහණයට දායක වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය පේෂාවර් සල්මි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 159 ක් පමණි.
ශොයිබ් මලික් පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් ද, කම්රන් අක්මාල් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 36 ක් සහ රෝව්මන් පවෙල් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 23 ක් රැස්කළ සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් පන්දු යවන්නන්ගෙන් හිමි නොවූහ.
ඉම්රාන් තහීර් කඩුලු 3 ක් ද බ්ලෙසින්ග් මුසරබානි සහ ඉම්රාන් ඛාන් කඩුලු 2 බැගින් දවාගනිමින් මුල්තාන් සුල්තාන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා මෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වයම දිනා ගැනීමට මුල්තාන් සුල්තාන් පිලේ මුල්තාන් සුල්තාන් සමත්විය.
මුල්තාන් සුල්තාන් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 206
(ශාන් මසූඩ් 37, මොහොමඩ් රිස්වාන් 30, සොහෙබ් මක්සූඩ් නොදැවී 65, රිලී රොසොව් 50, සමීන් ගුල් 26/2, මොහොමඩ් ඉම්රාන් 47/2)
පේෂාවර් සල්මි - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 159
(කම්රන් අක්මාල් 36, ශොයිබ් මලික් 48, රෝව්මන් පවෙල් 23, ඉම්රාන් තහීර් 33/3, බ්ලෙසින්ග් මුසරබානි 26/2, ඉම්රාන් ඛාන් 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.