Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර දෙවැනි ටෙස්ට් තරගය ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) ආරම්භ වෙයි. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොර නිමා වූ හෙයින් තරගාවලිය තවමත් 0-0 ක් ලෙසින් තිබේ. තරගාවලියේ ජයග්‍රහණය අද ඇරඹෙන තරගයේ තීරණය අනුව විසඳෙනු ඇත.
මෙම තරගය ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2020-2021 වටය වෙනුවෙන් ඉතිරිව ඇති තරග 3 න් එකකි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තවත් තරග දෙකක් ඉතිරිව තිබෙන නමුත් මෙම තරග කිසිවකින් ශූරතාවලියේ අවසන් මහ තරගයට බලපෑමක් නොවනු ඇත.
දැනට තිබෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයටත්, බංග්ලාදේශ කණ්ඩායම 9 වැනි ස්ථානයටත් ඇදවැටී සිටිති. එහෙත් අද තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානය ලබා සිටී.
පළමු තරගයේදී සාර්ථක දස්කම් දැක්වූ හෙයින් පළමු තරගයේදී ක්‍රීඩා කළ 11 දෙනාම අද තරගය සඳහාත් යොදා ගැනීමේ බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබේ. තරගය පැවැත්වෙන්නේ එකම ක්‍රීඩාංගණයේදී වුවද තණතීරුවේ තත්ත්වය මත කණ්ඩායම වෙනස් වීමේ ඉඩක් නැතුවාම නොවේ.
කොදෙව් කණ්ඩායමේ වෙනසක් අපේක්‍ෂා කළ නොහැකි බව ද ඇන්ටිගුවාවෙන් ලැබෙන ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් වඩාත් පළපුරුදු හෙයින් කොදෙව් පිල කිසියම් ආක්‍රමණයක් දියත් කරන්නේ නම් එය තරගයේ දෙවැනි ඉනිමේදී පමණ අපේක්‍ෂා කළ හැකිය.
“අපි දන්නවා ඔවුන්ගේ පන්දු යවන්නන් බොහෝ පළපුරුදු අය. ඇරත් පන්දුවත් ටිකක් මෘදු වුණා. ඒ නිසා (අවසන් දිනයේ) දිවා ආහාරයෙන් පස්සේ අපි ඉලක්කය කරා යන ගමන අතහැර දැම්මා” යයි පළමු තරගයේදී ශතකයක් ලබාගත් නිකෲමා බෝනර් තරගයෙන් පසුව පැවසීය.
පළමු තරගයේදී කොදෙව් පිල ක්‍රීඩා කළේ බොහෝ පසුගාමී විලාසයකිනි. තරගයේ ඕවර 203 කින් කොදෙව් පිල ලබාගත්තේ ලකුණු 507 කි. එය ඕවරයකදී ලකුණු 2.49 ක වේගයකි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේ ඕවරයකදී ලකුණු 3.17 ක් වැනි වේගයක් පවත්වා ගත්තේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.